ජෙරෙමියා 37:6-16
ජෙරෙමියා 37:6-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේගේ වචනය, දිවැසිවර යෙරමියා වෙත පැමිණියේ ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මගෙන් විමසන්නට මා වෙත නුඹලා එවනු ලැබූ යූදාහි රජුට මෙසේ කියනු: ‘මෙන්න! ඔබගේ උපකාරයට පිටත් ව ආ පාරාවෝගේ හමුදාව, ඔවුන්ගේ දේශය වූ ඊජිප්තුවට ම ආපසු යන්නට සූදානම්. කල්දිවරුන් ආපසු අවුත්, මේ පුරවරයට එරෙහිව සටන් වැද, මෙය අල්ලාගෙන, ගින්නෙන් දවා දමනු ඇත.’ “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘කල්දිවරුන් නිසැක ව ම අප හැර යති’ යි කියා ගනිමින්, තමන් රවටා නො ගන්න. ඔවුන් ඉවතට යන්නේ නැත. ඔබට පහර දෙන කල්දි මුළු හමුදාව ඔබ පරාජය කළ ද, ඔවුන් අතරින් බරපතළ තුවාල ලද්දවුන් පමණක් හෝ ඔවුන්ගේ කූඩාරම්වල ඉතිරි වුවහොත්, ඔවුන් අවුත්, මේ පුරවරය ගිනි ලා දවා දමනු ඇත.” පාරාවෝගේ හමුදාව ළඟා වෙද්දී, කල්දීය හමුදාව යෙරුසලමෙන් බැහැර ව ගිය පසු, යෙරමියා, බෙන්යමින් පළාතේ ජනයා අතරේ දේපොළවල තම කොටස ලබන පිණිස, එහි යන්නට යෙරුසලමින් පිටත් විය. එහෙත් ඔහු බෙන්යමින් දොරටුව වෙත ළඟා වූ කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් ඉරීයා නැමති ආරක්ෂක සෙන්පතියා ඔහු අත්අඩංගුවට ගෙන, “කල්දිවරුන්ට එකතු වීමට නුඹ පලා යනවා දැ!” යි ඇසී ය. “එය බොරුවක්! කල්දිවරුන්ට එකතු වීමට මා පලා යනවා නො වේ යැ” යි යෙරමියා පැවසූ නමුදු ඉරීයා ඔහුට ඇහුම්කන් දුන්නේ නැත. ඔහු යෙරමියා අත්අඩංගුවට ගෙන, නිලධාරීන් වෙත පැමිණ වී ය. නිලධාරීහු, යෙරමියා ගැන කෝප වූවාහු, ඔහුට තලා, ඔවුන් විසින් සිර ගෙයක් බවට පත් කොට තිබූ යොනාතාන් ලේකම් තැනගේ නිවසේ ඔහු සිර අඩස්සි කළාහු ය. යෙරමියා දඟ ගෙයි ඇඳිරි බිම් මැදිරියක දමන ලදුව, දිගු කලක් ම එහි සිටියේ ය.
ජෙරෙමියා 37:6-16 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගෙන් විභාගකරන්ට නුඹලා මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, නුඹලාට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත. කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත. මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය. තවද ඵාරාවෝගේ සේනාවට භයින් කල්දිවරුන්ගේ සේනාව යෙරුසලම කෙරෙන් ගිය කල, යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය. ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුළාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: නුඹ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය. ඒක බොරුවක්ය; මම කල්දිවරුන්ට එකතුවෙන්ට නොයමියි යෙරෙමියා කීය. නුමුත් ඉරියා යෙරෙමියාට ඇහුම්කන් නොදී, ඔහු අල්වා, අධිපතීන් ළඟට ගෙනගියේය. එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය. යෙරෙමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ, එහි බොහෝ දවස් සිටි පසු, ශෙදෙකියා රජ ඔහු ගෙන්වා
ජෙරෙමියා 37:6-16 Sinhala New Revised Version (NRSV)
එවිට ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වහන්සේ දිවැසිවර ජෙරමියාට මෙසේ වදාළ සේක: “මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත. බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත. බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ “ තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල, ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය. ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය. “එය බොරුවක් ය; මම බබිලෝනිවරුන්ට එකතු වන්නට නොයමි”යි ජෙරමියා කී ය. එහෙත්, ඉරියා ජෙරමියාට සවන් නො දී, ඔහු අල්ලාගෙන, අධිපතීන් ළඟට ගෙන ගියේ ය. එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය. ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන
ජෙරෙමියා 37:6-16 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වහන්සේ දිවැසිවර ජෙරමියාට මෙසේ වදාළ සේක: “මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත. බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත. බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ” තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල, ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය. ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය. “එය බොරුවක් ය; මම බබිලෝනිවරුන්ට එකතු වන්නට නොයමි”යි ජෙරමියා කී ය. එහෙත්, ඉරියා ජෙරමියාට සවන් නො දී, ඔහු අල්ලාගෙන, අධිපතීන් ළඟට ගෙන ගියේ ය. එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය. ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන
ජෙරෙමියා 37:6-16 New International Version (NIV)
Then the word of the LORD came to Jeremiah the prophet: “This is what the LORD, the God of Israel, says: Tell the king of Judah, who sent you to inquire of me, ‘Pharaoh’s army, which has marched out to support you, will go back to its own land, to Egypt. Then the Babylonians will return and attack this city; they will capture it and burn it down.’ “This is what the LORD says: Do not deceive yourselves, thinking, ‘The Babylonians will surely leave us.’ They will not! Even if you were to defeat the entire Babylonian army that is attacking you and only wounded men were left in their tents, they would come out and burn this city down.” After the Babylonian army had withdrawn from Jerusalem because of Pharaoh’s army, Jeremiah started to leave the city to go to the territory of Benjamin to get his share of the property among the people there. But when he reached the Benjamin Gate, the captain of the guard, whose name was Irijah son of Shelemiah, the son of Hananiah, arrested him and said, “You are deserting to the Babylonians!” “That’s not true!” Jeremiah said. “I am not deserting to the Babylonians.” But Irijah would not listen to him; instead, he arrested Jeremiah and brought him to the officials. They were angry with Jeremiah and had him beaten and imprisoned in the house of Jonathan the secretary, which they had made into a prison. Jeremiah was put into a vaulted cell in a dungeon, where he remained a long time.