ජෙරෙමියා 3:14-15 - Compare All Versions

ජෙරෙමියා 3:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ආපසු එන්න! පසුබට ව යන පුත්‍රයිනි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මම ඔබගේ ස්වාමියාණන් වෙමි. නගරයකින් එක් කෙනකු ද වංශයකින් දෙදෙනකු ද යන වශයෙන් මම නුඹලා තෝරා ගෙන, සියොන වෙත ගෙනෙන්නෙමි. ඉන්පසු දැනගැන්මෙන් ද සිහි-නුවණින් ද යුතු ව ඔබට මග පෙන්වන, මගේ සිතට එකඟ එඬේරුන් මම ඔබට දෙන්නෙමි.

බෙදාගන්න
ජෙරෙමියා 3 SCV

ජෙරෙමියා 3:14-15 SROV (Sinhala Revised Old Version)

අහක්ව ගියාවූ දරුවෙනි, මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද මම නුඹලාට ස්වාමිපුරුෂයෙක්ය. මම නුවරකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත් නුඹලා පිළිගෙන සියොන්ට ගෙනෙන්නෙමි. මාගේ සිතට එකඟවූ එඬේරුන්ද නුඹලාට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද නුඹලා පෝෂ්‍යකරනවා ඇත.

බෙදාගන්න
ජෙරෙමියා 3 SROV

ජෙරෙමියා 3:14-15 NRSV (Sinhala New Revised Version)

“මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි. මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.

බෙදාගන්න
ජෙරෙමියා 3 NRSV

ජෙරෙමියා 3:14-15 SNRV (Sinhala New Revised Version 2018)

“මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි. මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.

බෙදාගන්න
ජෙරෙමියා 3 SNRV

ජෙරෙමියා 3:14-15 NIV (New International Version)

“Return, faithless people,” declares the LORD, “for I am your husband. I will choose you—one from a town and two from a clan—and bring you to Zion. Then I will give you shepherds after my own heart, who will lead you with knowledge and understanding.

බෙදාගන්න
ජෙරෙමියා 3 NIV