ජෙරෙමියා 25:1-31 - Compare All Versions

ජෙරෙමියා 25:1-31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යූදාහි සමස්ත ජනතාව සම්බන්ධයෙන් යෙරමියා වෙත මෙම වචනය පැමිණියේ ය. යොෂීයාගේ පුත්‍ර, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ හතර වන අවුරුද්දේ (එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ පළමු අවුරුද්ද ය.) දිවැසිවර යෙරමියා එය යූදාහි මුළු ජනතාවටත්, යෙරුසලමේ වෙසෙන සියල්ලන්ටත් පැවසී ය: ආමොන්ගේ පුත්‍ර වූ යූදාහි රජු වූ යොෂීයාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දවස දක්වා අවුරුදු විසිතුනක් ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියෙන්, මා නැවත නැවතත් නුඹලාට කතා කළෙමි. එහෙත් නුඹලා සවන් දුන්නේ නැත. ස්වාමින්වහන්සේ ස්වකීය සියලු දිවැසිවරුන් නැවත, නැවතත් නුඹලා වෙත එවූ නමුත්, නුඹලා සවන් දුන්නේවත්, අසන්නට සවන් යොමු කළේවත් නැත. “එනම් ‘දැන් නුඹලා හැම කෙනෙක් ම තම නපුරු මාර්ගවලින් හා තම දුෂ්ට ක්‍රියාවලින් ඉවත හැරෙනු! එවිට, නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් ආදියේ සිට ම ස්වාමින්වහන්සේ නුඹලාට දුන් දේශයේ නැවතී, වාසය කරන්නට නුඹලාට පුළුවන. සේවය කරන පිණිසත්, නමස්කාර කරන පිණිසත් වෙනත් දෙවිවරුන් පසු පස නො යනු. නුඹලාගේ අත්වලින් හදා ගත් පිළිම මගින් මගේ කෝපය නො අවුස්සනු! එවිට මම නුඹලාට කිසි උපද්‍රවයක් නො කරමි’ යනුවෙනි. “ ‘එහෙත්, නුඹලා මට සවන් දුන්නේ නැතැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘නුඹලාගේ අත්වලින් සාදා ගත් දෑ මගින් නුඹලා මා ප්‍රකෝප කර, නුඹලා පිටට උපද්‍රව පමුණුවා ගත්තේ නුඹලා ම ය.’ “එබැවින්, සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මගේ වචනවලට නුඹලා කීකරු නුවූ බැවින්, ඔන්න උතුරේ සියලු ගෝත්‍ර හා බබිලෝනියේ රජු වූ මගේ සේවක නෙබුකද්නෙසර් ද මම කැඳවන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘මම මේ දේශයට එරෙහිව හා එහි වැසියනට එරෙහිව ද අවට සියලු ජාතීන්ට එරෙහිව ද ඔවුන් ගෙන්වන්නෙමි. මම මොවුන් විනාශයට කැප කරන්නෙමි. මොවුන් පිළිකුලට හා අවමානයට ඉලක්කයක් ද සදාතනික ජරාවාසයක් ද කරන්නෙමි. එපමණක් ද නො ව මම ප්‍රීතියේ කටහඬ ද ප්‍රමෝදයේ කටහඬ ද මනාලයාගේ කටහඬ හා මනාලියගේ කටහඬ ද ඇඹරුම් ගලේ හඬ හා පහනේ එළිය ද ඔවුන් වෙතින් පහ කරන්නෙමි. මේ මුළු දේශය ම ජරාවාසයක් හා පාළු බිමක් වනු ඇත. මෙම ජාතීන් බබිලෝනියේ රජුට සැත්තෑ වසරක් මෙහෙ කරනු ඇත. “ ‘එම සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත්, කල්දිවරුන්ගේ දේශයටත්, ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් කරන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘මම එය සදාතනික ජරාවාසයක් කරන්නෙමි. ඒ දේශයට එරෙහිව මවිසින් ප්‍රකාශ කරන ලද මගේ සියලු වචන, සියලු ජාතීන්ට එරෙහිව යෙරමියා විසින් දිවැසි වැකියෙන් පවසනු ලදුව, මේ පොතෙහි ලියැවී ඇති සියල්ල මම ඒ දේශය පිට පමුණුවමි. බොහෝ ජාතීන් ද මහා රජවරුන් ද ඔවුන් දාසකමෙහි යොදවනු ඇත. ඔවුන්ගේ ක්‍රියාවලට අනුව, ඔවුන්ගේ අත්වලින් කළ දෑට අනුව මම ඔවුන්ට පල විපාක දෙන්නෙමි.’ ” ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, මට පැවසුවේ මෙයයි: “උදහසේ මිදි යුෂවලින් යුක්ත මෙම කුසලාන මගේ අතින් රැගෙන, මා විසින් ඔබ යවනු ලබන සියලු ජාතීන්ට එයින් බොන්නට සලස්වන්න. ඔවුන් එය බිවූ කල, ඔවුන් අතරට මා යවන කඩුව නිසා, ඔවුන් වැනි වැනී, උමතුව යනු ඇත.” එබැවින් ස්වාමින්වහන්සේ අතින් එම කුසලාන ගත් මම, උන්වහන්සේ විසින් මා යවන ලද සියලු ජාතීන්ට එය බොන්නට සැලැස්වූයේ: යෙරුසලම ද යූදාහි නගර ද එහි රජුන් හා අධිපතීන් ද අද දවසේ තිබෙන පරිදි, ඔවුන් නාස්තියක් හා ජරාවාසයක් ද භීතියක් හා අපහාසයට කාරණයක් ද ශාපයක් ද වන පිණිස ය; ඊජිප්තුවේ රජු වූ පාරාවෝ ද ඔහුගේ සේවකයින් හා නිලධාරීන් ද ඔහුගේ මුළු ජනයා ද ඔවුන් අතර වන මිශ්‍ර ගෝත්‍ර ද ඌස්හි සියලු රජුන් ද අෂ්කෙලොන්, ගාසා හා එක්‍රෝන්හි පිලිස්ති රජුන් හා අෂ්දෝද්හි ඉතිරි ජනයා ද ඒදොම්, මෝවබ් හා අම්මොන්වරුන් ද තීර්හි සියලු රජුන් හා සීදොන්හි සියලු රජුන් ද මුහුදින් එපිට වෙරළබඩ සියලු රජුන් ද දෙදාන්හි ද තේමාහි ද බූස්හි ද තම හිසකෙස්වල අග කපා ගන්නා සියල්ලන් ද අරාබියෙහි සියලු රජුන් ද පාළුකරයේ වෙසෙන විදෙස් ජනයාගේ සියලු රජුන් ද සිම්රීහි, ඒලාම්හි හා මේදියාහි සියලු රජුන් ද ඈත හා මෑත සිටින උතුරේ සියලු රජුන් ද එකකුට පසුව එකකු, පොළෝ තලේ මත සියලු ම රාජධානි. ඒ සියල්ලට ම පසුව ෂේෂක්හි රජු ද එය බොනු ඇත. “ඉන්පසු ඔබ ඔවුන්ට මෙසේ කිය යුතු ය: ‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ, මෙසේ පවසන සේක: බොන්න; බී, මත් වී, වමනය කරන්න. වැටෙන්න. ආයෙමත් නො නැගිටින්න.’ මන්ද නුඹලා අතරට මා එවන කඩුව හේතුවෙන් ය. එහෙත් ඔබේ අතින් කුසලාන පිළිගෙන, පානය කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන්ට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලා එය පානය කළ යුතුයි! මෙන්න, මගේ නාමය දරන පුරවරය මතට මම විපත්තිය ගෙනෙන්නට පටන් ගනිමි. එසේ නම් නුඹලා දඬුවම් ලැබීමෙන් වැළකේ ද? නුඹලා දඬුවම් ලැබීමෙන් නො වැළකෙන්නේ ය. මන්ද මිහි පිට වෙසෙන සියල්ලන් පිට මම අසිපත කැඳවන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එබැවින්, නුඹලා ඔවුන්ට එරෙහිව මෙසේ කියමින්, දිවැසි වැකි පැවසිය යුතු ය: “ ‘ස්වාමින්වහන්සේ උසස් තැන්හි සිට ගර්ජනා කරන සේක. ස්වකීය ශුද්ධ නිවස්නයේ සිට තම කටහඬ නගන සේක. උන්වහන්සේ ස්වකීය බැටළු ගාලට එරෙහිව බලවත් ව ගර්ජනා කරමින්, පොළොවේ වෙසෙන සියල්ලන්ට එරෙහිව මිදි පල මඬින්නන් කෑ මොර ගසන සේ, කෑ ගසන සේක. ඝෝෂා හඬ පොළෝ කෙළවර දක්වා දෝංකාර දෙනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ ජාතීන්ට එරෙහිව චෝදනා නගන සේක. උන්වහන්සේ මුළු මිනිස් සංහතියට එරෙහිව විනිශ්චයට බසින සේක. දුෂ්ටයින් කඩුවට බාර දෙනු ඇතැ’ යි” ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

බෙදාගන්න
ජෙරෙමියා 25 SCV

ජෙරෙමියා 25:1-31 SROV (Sinhala Revised Old Version)

යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය. එය අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි මුළු සෙනඟටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් කීවේය. ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට නුඹලාට කථාකෙළෙමි; එහෙත් නුඹලා ඇහුම්කන් දුන්නේ නැත. තවද ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවූසේක; එහෙත් නුඹලා ඇසුවේවත් අසන්ට නුඹලාගේ කන්යොමුකළේවත් නැත. එනම්: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න. අන් දෙවිවරුන්ට සේවයකිරීමටද ඔවුන්ට නමස්කාරකිරීමටද ඔවුන් පස්සේ නොයන්න, නුඹලාගේ අත්වැඩවලින් මා කෝප නොකරන්න; එවිට මම නුඹලාට අනතුරු නොකරන්නෙමියි කියා එවූසේක. නුමුත් නුඹලාට අනතුරු පැමිණෙන ලෙස නුඹලාගේ අත්වැඩවලින් මා කෝපකරවන හැටියට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මාගේ වචන නොඇසූ බැවින්, මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි. ඇරත් මම ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළියද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි. මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි. මා විසින් ඒ දේශයට විරුද්ධව කීවාවූ මාගේ සියලුම වචන වන යෙරෙමියා සියලු ජාතීන්ට විරුද්ධව අනාගතවාක්‍යයෙන් කීවාවූ මේ පොතෙහි ලියා තිබෙන සියල්ලම ඒ දේශය පිටට පමුණුවන්නෙමි. මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට කථාකොට: කෝපය නැමති මේ මුද්‍රිකපාන-කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා විසින් නුඹ යවන සියලු ජාතීන්ට එයින් පොවන්න. ඔව්හු බී, මා විසින් ඔවුන් අතරට යවන කඩුව නිසා වැනි වැනී යමින්, උමතුවන්නෝයයි කීසේක. එවිට මම ස්වාමීන්වහන්සේගේ අතින් කුසලාන රැගෙන ස්වාමීන්වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට පෙවුවෙමි: එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි. මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් ඔහුගේ මුළු සෙනඟටත්, මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්, ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්, තීර්හි සියලු රජුන්ටත් ශිදොන්හි සියලු රජුන්ටත් මුහුදෙන් එතර පළාත්වල රජුන්ටත්, දෙදාන් සහ තේමාටත් බූස්ටත් තමුන්ගේ ඉසකේ කොන් කපන සියල්ලන්ටත්, අරාබියේ සියලු රජුන්ටත් කාන්තාරයෙහි වාසයකරන මිශ්‍රවූ සෙනඟගේ සියලු රජවරුන්ටත්, ශිම්රීහි සියලු රජුන්ටත් ඒලාම්හි සියලු රජුන්ටත් මේදවරුන්ගේ සියලු රජුන්ටත්, එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත් පෙවුවෙමි. මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත. නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්ට අකැමැතිවන්නෝ නම් නුඹ ඔවුන්ට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා බොන්නහුමය. මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් නුඹලා දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. එබැවින් නුඹ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක. මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේට ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
ජෙරෙමියා 25 SROV

ජෙරෙමියා 25:1-31 NRSV (Sinhala New Revised Version)

ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය. දිවැසිවර ජෙරමියා ඒ පණිවුඩය ජුදාහි මුළු සෙනඟටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් මෙසේ ප්‍රකාශ කෙළේ ය: “ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත. ඔව්හු ඔබ අමතා, ‘සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයට ම දුන් දේශයෙහි ඔබ වාසය කරන පිණිස ඔබ හැම දෙනා ම ඔබේ අධම ජීවිතයෙන් ද නපුරු ක්‍රියාවලින් ද හැරී ආ යුතු ය’යි ද ‘අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකරන්න. ඔවුන්ට නමස්කාර නොකරන්න; ඔබේ අත්වලින් සාදාගත් දේව රූප නැමදීමෙන් දෙවියන් වහන්සේ ප්‍රකෝප නොකරන්න. එවිට මම නුඹලාට අනතුරක් නොකරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි ද කී හ. ‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “ඔබ සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් නොදෙන නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය. ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි. මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය. තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි. මා ඒ දේශයට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු දේ එනම්, මේ පොතේ සඳහන් කර ඇති, ජෙරමියා කී සියලු දේ ඒ දේශය පිට පමුණුවන්නෙමි. බොහෝ ජාතීහු ද බලසම්පන්න රජවරු ද ඔවුන් වහල්කමට ගන්නෝ ය. මම ද ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්නෙමි.” ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “කෝපය නමැති මිදියුස කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා නුඹ පිටත් කර යවන සියලු ජාතීන්ට එයින් පොවන්න. ඔව්හු එයින් බී වැනි වැනී ගමන් කරන්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන යුද්ධය නිසා, ඔව්හු උමතු වන්නෝ ය”යි වදාළ සේක. එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි. එයින් ජෙරුසලමේ සහ ජුදා නගරවල රජවරුන් ද අධිපතීන් ද අද පවා දකින්නට ලැබෙන ලෙස පාළුවට හා විනාශයට ද සාපයට හා සරදමට ද භාජන වනු ඇත. සිදු වී ඇති දේ අද දක්වා දක්නට ඇත. මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සේවකයන්ටත්, අධිපතීන්ටත්, ඔහුගේ මුළු සෙනඟටත්, අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්, ඒදොම් සහ මෝවබ්ටත්, අම්මොන් පුත්‍රයන්ටත්, තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්, දෙදාන්, තෙමාන් හා බුස් යන නගරවලටත්, තමන්ගේ ඉසකේ කොටට කපන සියල්ලන්ටත්, අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්, සිම්රිහි, ඒලාම්හි සහ මේදියාවේ සියලු රජුන්ටත්, එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්නට අකමැති වන්නෝ නම්, ‘ඔවුන් බොන්නට ම ඕනෑ යයි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. “ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක; මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’

බෙදාගන්න
ජෙරෙමියා 25 NRSV

ජෙරෙමියා 25:1-31 SNRV (Sinhala New Revised Version 2018)

ජෙරෙමියා 25 SNRV

ජෙරෙමියා 25:1-31 NIV (New International Version)

The word came to Jeremiah concerning all the people of Judah in the fourth year of Jehoiakim son of Josiah king of Judah, which was the first year of Nebuchadnezzar king of Babylon. So Jeremiah the prophet said to all the people of Judah and to all those living in Jerusalem: For twenty-three years—from the thirteenth year of Josiah son of Amon king of Judah until this very day—the word of the LORD has come to me and I have spoken to you again and again, but you have not listened. And though the LORD has sent all his servants the prophets to you again and again, you have not listened or paid any attention. They said, “Turn now, each of you, from your evil ways and your evil practices, and you can stay in the land the LORD gave to you and your ancestors for ever and ever. Do not follow other gods to serve and worship them; do not arouse my anger with what your hands have made. Then I will not harm you.” “But you did not listen to me,” declares the LORD, “and you have aroused my anger with what your hands have made, and you have brought harm to yourselves.” Therefore the LORD Almighty says this: “Because you have not listened to my words, I will summon all the peoples of the north and my servant Nebuchadnezzar king of Babylon,” declares the LORD, “and I will bring them against this land and its inhabitants and against all the surrounding nations. I will completely destroy them and make them an object of horror and scorn, and an everlasting ruin. I will banish from them the sounds of joy and gladness, the voices of bride and bridegroom, the sound of millstones and the light of the lamp. This whole country will become a desolate wasteland, and these nations will serve the king of Babylon seventy years. “But when the seventy years are fulfilled, I will punish the king of Babylon and his nation, the land of the Babylonians, for their guilt,” declares the LORD, “and will make it desolate forever. I will bring on that land all the things I have spoken against it, all that are written in this book and prophesied by Jeremiah against all the nations. They themselves will be enslaved by many nations and great kings; I will repay them according to their deeds and the work of their hands.” This is what the LORD, the God of Israel, said to me: “Take from my hand this cup filled with the wine of my wrath and make all the nations to whom I send you drink it. When they drink it, they will stagger and go mad because of the sword I will send among them.” So I took the cup from the LORD’s hand and made all the nations to whom he sent me drink it: Jerusalem and the towns of Judah, its kings and officials, to make them a ruin and an object of horror and scorn, a curse—as they are today; Pharaoh king of Egypt, his attendants, his officials and all his people, and all the foreign people there; all the kings of Uz; all the kings of the Philistines (those of Ashkelon, Gaza, Ekron, and the people left at Ashdod); Edom, Moab and Ammon; all the kings of Tyre and Sidon; the kings of the coastlands across the sea; Dedan, Tema, Buz and all who are in distant places; all the kings of Arabia and all the kings of the foreign people who live in the wilderness; all the kings of Zimri, Elam and Media; and all the kings of the north, near and far, one after the other—all the kingdoms on the face of the earth. And after all of them, the king of Sheshak will drink it too. “Then tell them, ‘This is what the LORD Almighty, the God of Israel, says: Drink, get drunk and vomit, and fall to rise no more because of the sword I will send among you.’ But if they refuse to take the cup from your hand and drink, tell them, ‘This is what the LORD Almighty says: You must drink it! See, I am beginning to bring disaster on the city that bears my Name, and will you indeed go unpunished? You will not go unpunished, for I am calling down a sword on all who live on the earth, declares the LORD Almighty.’ “Now prophesy all these words against them and say to them: “ ‘The LORD will roar from on high; he will thunder from his holy dwelling and roar mightily against his land. He will shout like those who tread the grapes, shout against all who live on the earth. The tumult will resound to the ends of the earth, for the LORD will bring charges against the nations; he will bring judgment on all mankind and put the wicked to the sword,’ ” declares the LORD.

බෙදාගන්න
ජෙරෙමියා 25 NIV