ජෙරෙමියා 23:7-8
ජෙරෙමියා 23:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔන්න මෙබඳු දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක, “ ‘ඉශ්‍රායෙල් ජනයින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම යනුවෙන්’ තවදුරටත් කියන්නේ නැත. ‘ඉශ්‍රායෙල් වංශයෙන් පැවතෙන්නන්, උතුරු දේශයෙන් ද උන්වහන්සේ විසින් ඔවුන් පලවා හැර තිබූ සෙසු සියලු රටවලින් ද ඔවුන් ආපසු ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම යනුවෙන්’ කියන දවස් පැමිණෙන්නේ ය. එවිට ඔවුන් තමන්ගේ ම වූ දේශයේ වාසය කරනු ඇත.”
ජෙරෙමියා 23:7-8 Sinhala Revised Old Version (SROV)
එබැවින්: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානයයි තවත් නොකියා, ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 23:7-8 Sinhala New Revised Version (NRSV)
“ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය. ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.”
ජෙරෙමියා 23:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
“ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය. ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.”
ජෙරෙමියා 23:7-8 New International Version (NIV)
“So then, the days are coming,” declares the LORD, “when people will no longer say, ‘As surely as the LORD lives, who brought the Israelites up out of Egypt,’ but they will say, ‘As surely as the LORD lives, who brought the descendants of Israel up out of the land of the north and out of all the countries where he had banished them.’ Then they will live in their own land.”