ජෙරෙමියා 11:18-23 - Compare All Versions

ජෙරෙමියා 11:18-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ එය මට දැනුම් දුන් බැවින් මම එය දැන ගතිමි. එවිට ඔවුන්ගේ ක්‍රියා ඔබවහන්සේ මට පෙන් වූ සේක. මා සිටියේ ඝාතනය පිණිස ගෙන යන හීලෑ බැටළු පැටවකු ලෙසිනි. ඔවුන් මට එරෙහිව කුමන්ත්‍රණ කර තිබූ වගක් මා දැන සිටියේ නැත. “අපි, ගසත්, එහි පලත් විනාශ කරමු; ඔහුගේ නම, තවත් මතක් නො වන පිණිස, ජීවතුන්ගේ දේශයෙන් අපි ඔහු සිඳ දමමු” යි ඔවුන් උපා යොදා තිබිණ. එහෙත්, අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන, හදත්, සිතත් විමසන ඔබවහන්සේ, ඔවුන්ගෙන් පළිය ගන්නවා මට දකින්නට ලැබේවා. මන්ද මම, මගේ නඩුව ඔබ ඉදිරියේ තැබීමි. එබැවින්, ඔබේ දිවි තොර කරන්නට සොයමින්, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් අනාවැකි නො කියනු; නැතහොත් නුඹ අප අතින් මැරුම් කනු ඇතැ” යි කියන අනාතොත්හි මිනිසුන් ගැන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මෙන්න, මම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන්ගේ තරුණයින් කඩු මුවහතින් නසිනු ඇත. ඔවුන්ගේ දූ පුතුන් සාගතයෙන් මියෙනු ඇත. ඉතිරි ස්වල්ප දෙනකු පවා ඔවුන්ට ඉතිරි වන්නේ නැත. මන්ද ඔවුන්ගේ දඬුවමේ අවුරුද්දේ අනාතොත් මිනිසුන් පිට මම විපත්තිය පමුණුවමි.”

බෙදාගන්න
ජෙරෙමියා 11 SCV

ජෙරෙමියා 11:18-23 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ ඒ ගැන මට දැන්වූසේක, එසේ මම දැනගතිමි. එකල ඔබ ඔවුන්ගේ ක්‍රියා මට පෙන්නූසේක. නුමුත් මම මරණයට ගෙනයන හීලෑ බැටළුපැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්තිකොට, ඔහුගේ නම තවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමමුයයි කියා ඔවුන් මට විරුද්ධව උපායෙදූ බව නොදැන සිටියෙමි. එහෙත්, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන්නාවූ, හෘදයත් සිතත් විමසන්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මම මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි. එබැවින්: නුඹ අප අතින් මැරුම් නොකන පිණිස ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට අනාගතවාක්‍ය නොකියන්නැයි කියා නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නාවූ අනතෝත්හි මනුෂ්‍යයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම්කන්නෝය; ඔවුන්ගේ පුත්‍රයෝද දූවරුද සාගතයෙන් මැරෙන්නෝය; ඔවුන්ගෙන් කිසිවෙක්ද ඉතිරි නොවන්නේය. මක්නිසාද මම අනතෝත්හි මනුෂ්‍යයන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම් කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
ජෙරෙමියා 11 SROV

ජෙරෙමියා 11:18-23 NRSV (Sinhala New Revised Version)

මාගේ සතුරන් මට විරුද්ධ ව කරන්න අදහස් කළ නපුරු දේ ගැන සමිඳාණන් වහන්සේ මට දැන්වූ බැවින් මම එය දැනගත්තෙමි. මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි. ජෙරමියා යාච්ඤා කරමින්, “යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය. “ඔබ අප අතින් මරුමුවට පත් නොවන පිණිස නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට දිවැස් වැකි නොකියන්නැ”යි කියමින් ජෙරමියාගේ ප්‍රාණය හානිකරන්නට සොයන අනාතොත්හි මිනිසුන් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”

බෙදාගන්න
ජෙරෙමියා 11 NRSV

ජෙරෙමියා 11:18-23 SNRV (Sinhala New Revised Version 2018)

ජෙරෙමියා 11 SNRV

ජෙරෙමියා 11:18-23 NIV (New International Version)

Because the LORD revealed their plot to me, I knew it, for at that time he showed me what they were doing. I had been like a gentle lamb led to the slaughter; I did not realize that they had plotted against me, saying, “Let us destroy the tree and its fruit; let us cut him off from the land of the living, that his name be remembered no more.” But you, LORD Almighty, who judge righteously and test the heart and mind, let me see your vengeance on them, for to you I have committed my cause. Therefore this is what the LORD says about the people of Anathoth who are threatening to kill you, saying, “Do not prophesy in the name of the LORD or you will die by our hands”— therefore this is what the LORD Almighty says: “I will punish them. Their young men will die by the sword, their sons and daughters by famine. Not even a remnant will be left to them, because I will bring disaster on the people of Anathoth in the year of their punishment.”

බෙදාගන්න
ජෙරෙමියා 11 NIV