විනිශ්චයකාරයන්ගේ පොත 9:50-56
විනිශ්චයකාරයන්ගේ පොත 9:50-56 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු අබිමෙලෙක් තේබේස් බලා ගොස්, තේබේස් වටලා, එය අල්ලා ගත්තේ ය. එසේ වුව ද නගර මධ්‍යයේ ශක්තිමත් බළකොටුවක් විය. එබැවින් පුරුෂයින්, ස්ත්‍රීන් හා නායක යන නගර වාසී සියල්ලෝ එහි පැන ගත්හ. ඇතුළතින් එය වසා ගත් ඔවුහු කොටු පියස්සට නැගුණහ. අබිමෙලෙක් කොටුවට ළඟා වී, ඊට පහර දුන්නේ ය. එහෙත්, ගිනිලනු පිණිස ඔහු කොටු දොරටුවට ළඟා වෙත් ම, ස්ත්‍රියක්, ඇඹරුම් ගලක අත්ගල, අබිමෙලෙක්ගේ හිස මත හෙළා, ඔහුගේ හිස්කබල බින්දා ය. වහා, තම ආයුධ දරන තරුණයාට හඬ ගැසූ ඔහු, “නුඹේ කඩුව ඇද මා මරනු! එවිට, ‘ස්ත්‍රියක් ඔහු මැරී ය’ යි ඔවුන් කියනු නැතැ” යි කීවේ ය. එවිට එම තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය. අබිමෙලෙක් මළ වග දුටු ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ ගෙවලට ගියහ. තම සහෝදරයින් හැත්තෑදෙනා මරා දැමීමෙන් අබිමෙලෙක් තම පියාට කළ දුෂ්ටකමට දෙවියන්වහන්සේ මෙසේ ඔහුට ප්‍රතිවිපාක දුන් සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 9:50-56 Sinhala Revised Old Version (SROV)
ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, තේබේශ්ට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත්තේය. ඒ නුවර තුළ සවි ඇති බලකොටුවක් විය, සියලු ස්ත්‍රීන් හා පුරුෂයෝද නුවර වැසි සියල්ලෝ ද එහි පලාගොස් දොරවල් වසාගෙන කොටුවේ පියස්ස මුදුනට නැගුණෝය. අබිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුලුස්සා දමන්ට ඒ ළඟට ගියෝය. එවිට එක්තරා ස්ත්‍රියෙක් ඇඹරුම් ගලක උඩ පළුව අබිමෙලෙක්ගේ හිස පිට හෙළා ඔහුගේ ඉස්කබල බින්දාය. ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ තමුන්ගේ ස්ථානයට ගියෝය. මෙසේ දෙවියන්වහන්සේ අබිමෙලෙක් තමාගේ සහෝදරයන් සැත්තෑදෙන මැරීමෙන් තමාගේ පියාට කළ ඔහුගේ දුෂ්ටකමට විපාක දුන්සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 9:50-56 Sinhala New Revised Version (NRSV)
ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, එය වටලා, එය අල්ලාගත්තේ ය. ඒ නුවර තුළ ශක්තිමත් බලකොටුවක් තිබුණේ ය. ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා ද නුවර වැසි සියල්ලෝ ද එයට පලා ගොස් දොර වසාගෙන, කොටුවේ පියස්ස මුදුනට නැඟී සිටියෝ ය. අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය. එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය. අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය. ඉශ්රායෙල් සෙනඟ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගියෝ ය. දෙවියන් වහන්සේ, අබිමෙලෙක් තම සහෝදරයන් සැත්තෑදෙනා මැරීමෙන් තමාගේ පියාට කළ දුෂ්ටකමට ප්‍රතිවිපාක දුන් සේක.
විනිශ්චයකාරයන්ගේ පොත 9:50-56 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 9:50-56 New International Version (NIV)
Next Abimelek went to Thebez and besieged it and captured it. Inside the city, however, was a strong tower, to which all the men and women—all the people of the city—had fled. They had locked themselves in and climbed up on the tower roof. Abimelek went to the tower and attacked it. But as he approached the entrance to the tower to set it on fire, a woman dropped an upper millstone on his head and cracked his skull. Hurriedly he called to his armor-bearer, “Draw your sword and kill me, so that they can’t say, ‘A woman killed him.’ ” So his servant ran him through, and he died. When the Israelites saw that Abimelek was dead, they went home. Thus God repaid the wickedness that Abimelek had done to his father by murdering his seventy brothers.