විනිශ්චයකාරයන්ගේ පොත 3:28-31

විනිශ්චයකාරයන්ගේ පොත 3:28-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔහු ඔවුනට කතා කරමින්, “මා අනුව එනු! මන්ද ස්වාමින්වහන්සේ නුඹලාගේ සතුරු මෝවබ්වරුන් නුඹලා අතට දී ඇතැ” යි කී ය. එබැවින්, ඔහු පසු පස, පහළට ආ ඔවුහු මෝවබ් වෙත යන යොර්දාන්-තොට අල්ලා ගත්හ. කිසිවකුටත් එගොඩ වන්නට ඔවුහු ඉඩ නුදුන්හ. එවර ඔවුහු වඩා ප්‍රබල, සවිමත් මෝවබ්වරුන් දස දහස් දෙනකු මරා දැමූහ. එකකුදු නො ගැලවිණ. ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුනට යටත් කරන ලදහ. ඉන්පසු අසූ අවුරුද්දක් දේශයේ සාමය පැවතිණ. ඔහුගෙන් පසු, අනාත්ගේ පුත් ෂම්ගර් පැමිණියේ ය. ඔහු ගව අංකුසයකින් පිලිස්තිවරුන් හයසිය දෙනකු ගසා හෙළූ තැනැත්තා ය. ඔහු ද ඉශ්‍රායෙල් ගැලවී ය.

විනිශ්චයකාරයන්ගේ පොත 3:28-31 Sinhala Revised Old Version (SROV)

ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන් වන මෝවබ්වරුන් නුඹලා අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය. ඔව්හු ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත. ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. ඔහුට පසුව පැමිණියේ අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ය. හෙතෙම පිලිස්තිවරුන්ගෙන් මනුෂ්‍යයන් හසියයක් හරක් අංකුසයකින් මැරීය. ඔහුද ඉශ්‍රායෙල් ගැළවුවේය.

විනිශ්චයකාරයන්ගේ පොත 3:28-31 Sinhala New Revised Version (NRSV)

ඔවුන්ට කතා කොට, “මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය. ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත. ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය. ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 3:28-31 Sinhala New Revised Version 2018 (SNRV)