විනිශ්චයකාරයන්ගේ පොත 2:1-2
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ දූතයා, ගිල්ගාල් සිට බෝකීම් වෙත අවුත්, කතා කොට, “මම ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙනවුත්, නුඹලාගේ පියවරුන්ට දෙන්නට මා දිවුළ දේශයට නුඹලා පැමිණ වීමි. එහිදී මා කතා කොට, ‘නුඹලා සමඟ ඇති මගේ ගිවිසුම මා කිසි දින කඩ කරන්නේ නැත. නුඹලාත්, මේ දේශ වාසීන් සමඟ කිසිදු ගිවිසුමක් නො කළ යුතු ය. ඔවුන්ගේ පුදසුන් කඩා බිඳ දැමිය යුතු යැ’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත. මොකක් ද මේ නුඹලා කළේ?
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද, මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද?
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද?
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද?
විනිශ්චයකාරයන්ගේ පොත 2:1-2 New International Version (NIV)
The angel of the LORD went up from Gilgal to Bokim and said, “I brought you up out of Egypt and led you into the land I swore to give to your ancestors. I said, ‘I will never break my covenant with you, and you shall not make a covenant with the people of this land, but you shall break down their altars.’ Yet you have disobeyed me. Why have you done this?