විනිශ්චයකාරයන්ගේ පොත 14:3-4 - Compare All Versions

විනිශ්චයකාරයන්ගේ පොත 14:3-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට ඔහුගේ පියාත්, මවත්, “නුඹේ නෑයින් අතරේවත්, අපේ ජනයා අතරේවත් සුදුසු ස්ත්‍රියක් නැතිවට ද නුඹ මේ චර්ම-අඡේදිත පිලිස්තීන් අතරින් බිරිඳක් ගන්නට යන්නේ?” යි ඇසූහ. එහෙත් සම්සොන් තම පියා අමතමින්, “මට ඇය ගෙනැවිත් දෙන්න. මගේ කැමැත්ත ඇයට” යි කී ය. ස්වාමින්වහන්සේගෙන් මෙය පැමිණියක් වග ඔහුගේ පියා හා මව නො දත්හ. මන්ද උන්වහන්සේ පිලිස්තිවරුනට එරෙහිවීමේ අවස්ථාවක් සොයමින් සිටි සේක. එවක ඉශ්‍රායෙල් පාලනය කළෝ පිලිස්තිවරු ය.

විනිශ්චයකාරයන්ගේ පොත 14:3-4 SROV (Sinhala Revised Old Version)

එවිට ඔහුගේ මව්පියෝ කථාකොට: නුඹ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් භාර්යාවකු ගන්ට යන්නේ නුඹේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනඟ අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදැයි ඔහුට කීවෝය. නුමුත් සම්සොන්: ඒ තැනැත්තිය මට ලබාදෙන්න, මක්නිසාද මම ඈට කැමතියයි තමාගේ පියාට කීවේය. ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තිවරු ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය.

විනිශ්චයකාරයන්ගේ පොත 14:3-4 NRSV (Sinhala New Revised Version)

එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය. මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 14:3-4 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය. මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.

විනිශ්චයකාරයන්ගේ පොත 14:3-4 NIV (New International Version)

His father and mother replied, “Isn’t there an acceptable woman among your relatives or among all our people? Must you go to the uncircumcised Philistines to get a wife?” But Samson said to his father, “Get her for me. She’s the right one for me.” (His parents did not know that this was from the LORD, who was seeking an occasion to confront the Philistines; for at that time they were ruling over Israel.)