විනිශ්චයකාරයන්ගේ පොත 13:1-4

විනිශ්චයකාරයන්ගේ පොත 13:1-4 Sinhala Revised Old Version (SROV)

ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේ ද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක. දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රීට පෙනී: බලව, නුඹ වඳව දරුවන් නොලැබ සිටිනෙහිය. නුමුත් නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය. ඒ නිසා දැන් ඉතින් නුඹ මුද්‍රික පානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට බලාගන්න.