යාකොබ් 2:8-26
යාකොබ් 2:8-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශුද්ධ ලියවිල්ලට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජකීය නීතිය පිළිපදින්නේ නම්, ඔබ කරන්නේ හරි දෙයයි. එහෙත් ඔබ තරාතිරම් බලන්නේ නම්, ඔබ පව් කරයි. නොපනත්කමේ වරදට, ව්‍යවස්ථාවෙන් වරදකරුවන් කරනු ලබයි. මන්ද මුළු ව්‍යවස්ථාව ම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු ව්‍යවස්ථාව ගැන ම වරදකරුවකු වෙයි. “පරදාර සේවනය නො කරනු” යි කී තැනැන්වහන්සේ, “මිනී නො මරනු” කියා ද කී සේක. එබැවින් ඔබ පරදාර සේවනයේ යෙදුණේ නැති වුව ද, මිනී මරන්නේ නම්, නීතිය පිළිබඳ වරදකරුවකු වෙයි. එබැවින් නිදහස් නීතියකින් විනිශ්චයට නියම වූවන් සේ කතා කරන්න; ක්‍රියා කරන්න. මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිත ව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී. මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැති නම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද? හරි හැටි ඇඳුමක් නැති, එදිනෙදා කුසට අහර නැති සහෝදරයකුට හෝ සහෝදරියකට ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද? ඒ අයුරින් ක්‍රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි. එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොර ව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්. දෙවියන්වහන්සේ එක් කෙනකු පමණක් බව ඔබ විශ්වාස කරයි. අගෙයි! යක්ෂාත්මයෝ පවා විශ්වාස කර වෙවුලති. අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල වැඩකට නැති වගට සාධක වුවමනා ද? අපගේ පිය වූ ආබ්‍රහම් ක්‍රියා තුළින් ධර්මිෂ්ඨ බවට පිළිගැනුනේ, ඔහු තම පුත් ඊසාක් පූජාසනය මත පූජා කළ කල්හි නො වේ ද? ඔහුගේ ක්‍රියා සමඟ ඇදහිල්ල ක්‍රියාත්මක වූ වග හා ඔහුගේ ක්‍රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ. “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබිණැ” යි පැවසෙන ශුද්ධ ලියවිල්ල එමඟින් සම්පූර්ණ වෙයි. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයා ලෙසින් හඳුන්වනු ලැබී ය. යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්‍රියා මගින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ. එලෙස ම රාහාබ් වෙසඟන ඔත්තුකරුවන් පිළිගෙන, වෙනත් මඟකින් ඔවුන් පිටත් කර යැවූ කල, ඇය ද ධර්මිෂ්ඨ කරනු ලැබුවේ, ක්‍රියා මගින් නො වේ ද? ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.
යාකොබ් 2:8-26 Sinhala Revised Old Version (SROV)
එසේ වුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, නුඹලා කරන එක යහපත්ය. නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, නුඹලා වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පුවෙන බැවින් නුඹලා කරන්නේ පාපයය. මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී. මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරවයි කී තැනන්වහන්සේ: මිනීනොමරව කියාත් කීසේක. ඉඳින් නුඹ කාමමිථ්‍යාචාරය නොකරන නුමුත්, මිනීමරනවා නම්, ව්‍යවස්ථාව කඩකරන්නෙක්ව සිටිනෙහිය. නිදහස්කමේ ව්‍යවස්ථාවකින් විනිශ්චයකරනු ලබන්ට සිටින තැනැත්තන් මෙන් කථාකරන්න, ක්‍රියාකරන්න. මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය. මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද? සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද? එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. එසේය, යමෙක් කථාකොට: නුඹට ඇදහිල්ල තිබේ, මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත. ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති. නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද? ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණවූ බවත් නුඹට පෙනේ. මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය. මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය. එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද? මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.
යාකොබ් 2:8-26 Sinhala New Revised Version (NRSV)
එසේ වුව ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජ නීතිය පවත් වන්නහු නම්, ඔබ කරන දෙය කදිම යි. එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි. මන්ද, යමෙකු මුළු ව්‍යවස්ථාව පිළිපැද්දත්, ඉන් එක අණක්වත් කඩ කළොත්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වෙයි. “කාමමිථ්‍යාචාරය නොකරව”යි වදාළ තැනැන් වහන්සේ ම, “මිනී නොමරන්න” කියාත් කී සේක. ඉදින් ඔබ කාමමිථ්‍යාචාරය නොකළත්, මිනී මරන්නෙහි නම්, ව්‍යවස්ථාව කඩ කරන්නෙක් වන්නෙහි ය. නිදහස සලසන ව්‍යවස්ථාවකින් විනිශ්චය ලැබීමට සිටින අය මෙන් කතා කරන්න. ක්‍රියා කරන්න. දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී. මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද? යම් සහෝදරයකු හෝ සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී, ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: “ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ”යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද? ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි. “ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය. ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය; එය කදිම යි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති. අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද? අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද? ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත. මෙසේ: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ දමිටුකම හැටියට පිළිගනු ලැබී ය”යි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව, ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබී ය. මනුෂ්‍යයෙකු දමිටුකමට පමුණුවනු ලබන්නේ ක්‍රියාවලින් බවත්, ඇදහිල්ලෙන් පමණක් නොවන බවත්, ඔබට පෙනෙනු ඇත. රාහාබ් වෙසඟනක වුව ද, දූතයන් පිළිගෙන අන් මඟකින් යාමට ඔවුන්ට පිහිට වූ බැවින්, ඈ දමිටුකමට පමුණුවනු ලැබුවේ ඒ ක්‍රියාවලින් නොවේ ද? හුස්ම නැති සිරුර මළසිරුරක් වන සේ ම ක්‍රියා නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි.
යාකොබ් 2:8-26 Sinhala New Revised Version 2018 (SNRV)

යාකොබ් 2:8-26 New International Version (NIV)
If you really keep the royal law found in Scripture, “Love your neighbor as yourself,” you are doing right. But if you show favoritism, you sin and are convicted by the law as lawbreakers. For whoever keeps the whole law and yet stumbles at just one point is guilty of breaking all of it. For he who said, “You shall not commit adultery,” also said, “You shall not murder.” If you do not commit adultery but do commit murder, you have become a lawbreaker. Speak and act as those who are going to be judged by the law that gives freedom, because judgment without mercy will be shown to anyone who has not been merciful. Mercy triumphs over judgment. What good is it, my brothers and sisters, if someone claims to have faith but has no deeds? Can such faith save them? Suppose a brother or a sister is without clothes and daily food. If one of you says to them, “Go in peace; keep warm and well fed,” but does nothing about their physical needs, what good is it? In the same way, faith by itself, if it is not accompanied by action, is dead. But someone will say, “You have faith; I have deeds.” Show me your faith without deeds, and I will show you my faith by my deeds. You believe that there is one God. Good! Even the demons believe that—and shudder. You foolish person, do you want evidence that faith without deeds is useless? Was not our father Abraham considered righteous for what he did when he offered his son Isaac on the altar? You see that his faith and his actions were working together, and his faith was made complete by what he did. And the scripture was fulfilled that says, “Abraham believed God, and it was credited to him as righteousness,” and he was called God’s friend. You see that a person is considered righteous by what they do and not by faith alone. In the same way, was not even Rahab the prostitute considered righteous for what she did when she gave lodging to the spies and sent them off in a different direction? As the body without the spirit is dead, so faith without deeds is dead.