යෙසායා 65:23-25
යෙසායා 65:23-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් නිරර්ථක ලෙස වෙහෙසවන්නේවත්, දුක්ඛිත ඉරණමකට දරුවන් බිහි කරන්නේවත් නැත. මන්ද ඔවුහු ද ඔවුන් සමඟ ඔවුන්ගේ දරු පරපුර ද ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දෝ වෙති. ඔවුන් අයදින්නට පෙර මම උත්තර දෙන්නෙමි. ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි. වෘකයා හා බැටළු පැටවා එක් ව තණ බුදිනු ඇත. සිංහයා ගවයකු සේ පිදුරු කනු ඇත. එහෙත් සර්පයාගේ ආහාරය දූලි ම වන්නේ ය. මගේ මුළු ශුද්ධ කන්ද මත ඔවුන් කිසි හානියක්, විනාශයක් කරන්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
යෙසායා 65:23-25 Sinhala Revised Old Version (SROV)
ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය. ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි. වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙසායා 65:23-25 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති. ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි. වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති; හරකා මෙන් සිංහයා පිදුරු කයි; ධූලි සර්පයාට කෑම වෙයි. මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”
යෙසායා 65:23-25 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති. ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි. වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති; හරකා මෙන් සිංහයා පිදුරු කයි; ධූලි සර්පයාට කෑම වෙයි. මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”
යෙසායා 65:23-25 New International Version (NIV)
They will not labor in vain, nor will they bear children doomed to misfortune; for they will be a people blessed by the LORD, they and their descendants with them. Before they call I will answer; while they are still speaking I will hear. The wolf and the lamb will feed together, and the lion will eat straw like the ox, and dust will be the serpent’s food. They will neither harm nor destroy on all my holy mountain,” says the LORD.