යෙසායා 61:3-8
යෙසායා 61:3-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියොනෙහි ශෝක වන්නන්ට අළු වෙනුවට මනරම් හිස-පළඳනාවක් ද ශෝකය වෙනුවට ප්‍රීතියේ තෛලය ද කනස්සලු සිතක් වෙනුවට ප්‍රශංසාවේ ඇඳුමක් ද ප්‍රදානය කරන පිණිසත් ය. උන්වහන්සේ විසින් සිටුවන ලද දමිටුකමේ ඕක් ගස් යැයි ඔවුන් හඳුන්වනු ලබන්නට ස්වාමින්වහන්සේගේ තේජස විදහා දක්වන පිණිසත් ය. ඉපැරණි නටබුන් ඔවුන් ගොඩ නගනු ඇත. නැති නාස්ති වූ තැන් පිළිසකර කරනු ඇත. පරම්පරා ගණනාවක් නැති නාස්තියට හැර තිබූ ගරා වැටුණු නගර, ඔවුන් පිළිසකර කරනු ඇත. පිටදේශක්කරුවන් නැවතී, ඔබේ එළු බැටළු රංචු රැක බලා ගනු ඇත. විදේශිකයින් ඔබේ කෙත් වතු හා මිදි වතුවල වැඩකරුවන් වනු ඇත. ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, ස්වාමින්වහන්සේගේ පූජකයින් කියා ය. අපේ දෙවියන්වහන්සේගේ සේවකයින් යැයි ඔබ ගැන කතා කරනු ඇත. ජාතීන්ගේ සම්පත්වලින් ඔබ පෝෂ්‍ය වනු ඇත. ඔවුන්ගේ වස්තුව තුළ ඔබ පාරට්ටු කර ගනු ඇත. ලද ලජ්ජාව වෙනුවට ඔබට දෙපංගුවක් ලැබේ. නින්දාව වෙනුවට ඔබ තම කොටසේ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. එබැවින් ඔබේ දේශයෙහි ඔබ දෙපංගුවක් උරුම කර ගන්නෝ ය. සදාතන ප්‍රීතිය ද ඔබට ම වන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ වන මම යුක්තියට ප්‍රේම කරන්නෙමි. මංකොල්ලයටත්, අපරාධයටත් මම වෛර කරමි. මගේ විශ්වාසවන්තකමින් මම ඔවුනට ඉටු විපාක දී, ඔවුන් සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.
යෙසායා 61:3-8 Sinhala Revised Old Version (SROV)
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය. ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය. විදේශියෝ සිට නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ නුඹලාගේ ගොවියෝද නුඹලාගේ මිදිවතු වවන්නෝද වන්නෝය. නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත. නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමඟ කරන්නෙමි.
යෙසායා 61:3-8 Sinhala New Revised Version (NRSV)
සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය. ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති. විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය. එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත. නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය. නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය. නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය. නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.
යෙසායා 61:3-8 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 61:3-8 New International Version (NIV)
and provide for those who grieve in Zion— to bestow on them a crown of beauty instead of ashes, the oil of joy instead of mourning, and a garment of praise instead of a spirit of despair. They will be called oaks of righteousness, a planting of the LORD for the display of his splendor. They will rebuild the ancient ruins and restore the places long devastated; they will renew the ruined cities that have been devastated for generations. Strangers will shepherd your flocks; foreigners will work your fields and vineyards. And you will be called priests of the LORD, you will be named ministers of our God. You will feed on the wealth of nations, and in their riches you will boast. Instead of your shame you will receive a double portion, and instead of disgrace you will rejoice in your inheritance. And so you will inherit a double portion in your land, and everlasting joy will be yours. “For I, the LORD, love justice; I hate robbery and wrongdoing. In my faithfulness I will reward my people and make an everlasting covenant with them.