යෙසායා 60:15-20

යෙසායා 60:15-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“අත්හැර දමනු ලැබ, වෛර කරනු ලැබ, කිසිවකුත් ඔබ මැදින් ගමන් කරනු නො ලැබ, ඔබ සිටි නමුදු, මම ඔබ සදාතනික ආඩම්බරයක් ද යුගයෙන්-යුගයට ප්‍රීතියක් ද කරන්නෙමි. ජාතීන්ගේ කිරි උරා බොන ඔබ රාජකීය ළය මඬලින් පෝෂණය ලබනු ඇත. එවිට ස්වාමින්වහන්සේ වන මා, ඔබේ ගැලවුම්කරුවාණන් වග, ඔබේ මිදුම්කරුවාණන් වග, යාකොබ්ගේ බලවන්තයාණන් වග ඔබ දැනගනු ඇත. ලෝකඩ වෙනුවට මම ඔබට රත්රන් ගෙනෙන්නෙමි. යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද මම ඔබට ගෙනෙන්නෙමි. මම, ඔබේ පරීක්ෂකයින් සාමය වන්නට ද ඔබේ වැඩ ප්‍රධානීන් ධර්මිෂ්ඨකම වන්නට ද සලස්වන්නෙමි. සැහැසිකම ගැන, ඔබේ දේශයෙහි තවත් අසන්නට ලැබෙන්නේ නැත. වැනසීම හා විනාශය ගැන, ඔබේ සීමා ඇතුළත ඇසෙනු නැත. ඔබේ පවුරු ගැලවීම කියා ද ඔබේ දොරටු ප්‍රශංසාව කියා ද ඔබ පවසනු ඇත. තවදුරටත් ඔබේ දහවලේ එළිය හිරු නො වේ. සඳුගේ දීප්තිය ද ඔබට එළිය ගෙන නො දේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සදාතනික එළිය වන සේක. ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජස වන සේක. ඔබේ හිරු යළි කිසි දින බැස යන්නේ නැත. ඔබේ සඳු තවදුරටත් අවපසට යන්නේ නැත. ඔබේ සදාතනික එළිය වන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබේ සෝ-දුක් දවස් නිමාවට පත් වන්නේ ය.

යෙසායා 60:15-20 Sinhala Revised Old Version (SROV)

කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි. නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. ස්වාමීන්වහන්සේ වන මම නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයා යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේ බවත් නුඹ දැනගන්නවා ඇත. මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි. නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය. ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ නුඹට සදාකාල එළියක්ද නුඹේ දෙවියන්වහන්සේ නුඹේ තේජසද වනසේක. නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.

යෙසායා 60:15-20 Sinhala New Revised Version (NRSV)

එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි. මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත. මම ලෝකඩ වෙනුවට රත්රන් ද යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද ගෙනෙන්නෙමි. නුඹේ නායකයන් විසින් යුක්තියෙන් හා සාමයෙන් නුඹ පාලනය කරනු ලැබීමට මම සලස්වන්නෙමි. නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය. මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක. ඔබේ හිරු තවත් බැස යන්නේ නැත; ඔබේ සඳ බැස යන්නේත් නැත. සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක. ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.

යෙසායා 60:15-20 Sinhala New Revised Version 2018 (SNRV)