යෙසායා 60:1-2
යෙසායා 60:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නැගිටින්න; බැබළෙන්න; මන්ද ඔබේ ආලෝකය පැමිණ ඇත. ස්වාමින්වහන්සේගේ තේජස ද ඔබ මත උදා වී ඇත. ඔන්න! අන්ධකාරයෙන් පොළොව ද ඝන අන්ධකාරයෙන් ජනයා ද වසා ගැනේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබ මත උදා වන සේක්, උන්වහන්සේගේ තේජස ඔබ වෙතින් දිස් වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:1-2 Sinhala Revised Old Version (SROV)
නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්නයෙසායා 60:1-2 Sinhala New Revised Version (NRSV)
ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ. පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 60 කියවන්න