යෙසායා 58:3
යෙසායා 58:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘අප නිරාහාර ශීලයෙන් සිටියේ නමුදු ඔබ එය නො දුටුවේ ඇයි? අපි ම නිහතමානී වුණෙමු. ඔබ ඒ ගැන සලකන්නේ නැත්තේ ඇයි’ දැයි ඔවුහු කියති. “ඔන්න! ඔබේ නිරාහාරශීල දවසේ ඔබ සොයන්නේ ඔබේ වාසිය ය. ඔබගේ වැඩකරුවන් පීඩාවට පත්කරවමිනි.
යෙසායා 58:3 Sinhala Revised Old Version (SROV)
අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති.
යෙසායා 58:3 Sinhala New Revised Version (NRSV)
“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
යෙසායා 58:3 Sinhala New Revised Version 2018 (SNRV)