යෙසායා 58:2-11
යෙසායා 58:2-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ධර්මිෂ්ඨකම් කළ ජාතියක් සේ, තම දෙවියන්වහන්සේගේ නියමයන් අත්නොහැරි සේ, ඔවුහු, දිනපතා මා සොයති, මගේ මාර්ග දැනගැනීමට ප්‍රමෝද වෙති; ඔවුහු යුක්තියේ විනිශ්චයන් මගෙන් ඉල්ලති; දෙවියන්වහන්සේට ළං වීමට ප්‍රමෝද වෙති. ‘අප නිරාහාර ශීලයෙන් සිටියේ නමුදු ඔබ එය නො දුටුවේ ඇයි? අපි ම නිහතමානී වුණෙමු. ඔබ ඒ ගැන සලකන්නේ නැත්තේ ඇයි’ දැයි ඔවුහු කියති. “ඔන්න! ඔබේ නිරාහාරශීල දවසේ ඔබ සොයන්නේ ඔබේ වාසිය ය. ඔබගේ වැඩකරුවන් පීඩාවට පත්කරවමිනි. ඔන්න! නුඹලාගේ නිරාහාර ශීලය දබරයට ය. සටනට ය. දුෂ්ටකමේ අත්මිටෙන් පහර දීමට ය. අද දවසේ නුඹලාගේ මෙම නිරාහාර ශීලයෙන් නුඹලාගේ කටහඬ ස්වර්ගයට ඇසෙන්නේ නැත. මෙවැනි නිරාහාරයක් ද මා තෝරා ගත්තේ? කෙනෙක් තමන් ම යටහත්-පහත් වන දවසක් ලෙස එය, බට ලීයක් සේ සිරස පහතට නවාගෙන, ගෝණියක හා අළු ගොඩක වැතිර හිඳීමක් පමණක් ද! ස්වාමින්වහන්සේට පිළිගත මනා දවසක් වන නිරාහාර ශීලය යැයි ඔබ හඳුන්වන්නේ මෙය ද? “මවිසින් තේරූ නිරාහාර ශීලය, මෙන්න මේ ආකාර එකක් නො වේ ද? අයුක්තියේ බැමි මුදා හැරීමත්, වියගසේ ලණු ලිහා දැමීමත්, පීඩිතවූවන් මුදාලීමත්, හැම වියගහක් ම කඩා දැමීමත් නො වේ ද? එය, සාගිනි වූවන් සමඟ ඔබේ ආහාර බෙදා හදා ගැනීමත්, ගෙයක්-දොරක් නැති දුගියන් ඔබේ නිවසට පිළිගැනීමත්, ඇඳුම් නැති කෙනකු දුටු කල, ඒ අයට ඇඳුම් දීමත්, තමාගේ ම නෑසියන් වෙතින් ඉවත නො හැරීමත් නො වේ ද? එවිට ඔබේ එළිය, අරුණෝදය මෙන් උදා වෙයි. ඔබේ සුවය ද සීඝ්‍රයෙන් පැන නගී. ඔබේ දමිටුකම ඔබට පෙරටුව යයි. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, ඔබට පිටුපසින් ඔබේ ආරක්ෂකයා වෙයි. එවිට ඔබ හඬ-ගසද්දී, ස්වාමින්වහන්සේ පිළිතුරු දෙන සේක. ඔබ මොර ගසන කල, ‘මෙන්න, මම මෙතැන ම’ යි උන්වහන්සේ පවසන සේක. “ඔබ මධ්‍යයෙන් ඔබ පීඩාවේ වියගහ ඉවත් කරන්නේ නම්, ඇඟිල්ල දිගු කිරීමත්, ද්වේෂ සහගත කතාවත් ඔබ ඉවතලන්නේ නම්, ඔබ සාගිනි වූවන් වෙනුවෙන් කැප වී, පීඩිතයින්ගේ අවැසිතා සපුරා, ඔවුන් තෘප්තියට පමුණුවයි නම්, අන්ධකාරයේදීත් ඔබේ එළිය නැගෙන්නේ ය; ඔබේ අඳුර, මද්දහන මෙන් වන්නේ ය. ස්වාමින්වහන්සේ නොකඩවා ඔබට මග පෙන්වනු ඇත; උන්වහන්සේ දුෂ්කර තැන්හි දී ඔබේ මනදොළ සෑහීමට පමුණුවා, ඔබේ අස්ථි ශක්තිමත් කරන සේක. ඔබ, මනාව දිය-සැපයුණු උයනක් මෙන්, කිසි දින නො සිඳෙන දිය උල්පතක් මෙන් වනු ඇත.
යෙසායා 58:2-11 Sinhala Revised Old Version (SROV)
ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති. අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති. නුඹලා නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. නුඹලාගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් නුඹලා අද නිරාහාරව සිටින්නේ නැත. මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිදීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේට ප්‍රසන්නවූ දවසක්යයි නුඹ කියනවාද? මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද? බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද? එවිට නුඹේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, නුඹේ සුවයද ඉක්මනින් හටගන්නේය. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹට පස්සෙන් එන්නේය. එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්, බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී නුඹේ එළිය නැගී එන්නේය, නුඹේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය. ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
යෙසායා 58:2-11 Sinhala New Revised Version (NRSV)
ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.” “සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය. නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ. නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද? මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය. සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ. එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය. එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්, සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය. මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
යෙසායා 58:2-11 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 58:2-11 New International Version (NIV)
For day after day they seek me out; they seem eager to know my ways, as if they were a nation that does what is right and has not forsaken the commands of its God. They ask me for just decisions and seem eager for God to come near them. ‘Why have we fasted,’ they say, ‘and you have not seen it? Why have we humbled ourselves, and you have not noticed?’ “Yet on the day of your fasting, you do as you please and exploit all your workers. Your fasting ends in quarreling and strife, and in striking each other with wicked fists. You cannot fast as you do today and expect your voice to be heard on high. Is this the kind of fast I have chosen, only a day for people to humble themselves? Is it only for bowing one’s head like a reed and for lying in sackcloth and ashes? Is that what you call a fast, a day acceptable to the LORD? “Is not this the kind of fasting I have chosen: to loose the chains of injustice and untie the cords of the yoke, to set the oppressed free and break every yoke? Is it not to share your food with the hungry and to provide the poor wanderer with shelter— when you see the naked, to clothe them, and not to turn away from your own flesh and blood? Then your light will break forth like the dawn, and your healing will quickly appear; then your righteousness will go before you, and the glory of the LORD will be your rear guard. Then you will call, and the LORD will answer; you will cry for help, and he will say: Here am I. “If you do away with the yoke of oppression, with the pointing finger and malicious talk, and if you spend yourselves in behalf of the hungry and satisfy the needs of the oppressed, then your light will rise in the darkness, and your night will become like the noonday. The LORD will guide you always; he will satisfy your needs in a sun-scorched land and will strengthen your frame. You will be like a well-watered garden, like a spring whose waters never fail.