යෙසායා 54:4-10

යෙසායා 54:4-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“භය නො වන්න, මන්ද ඔබ ලජ්ජාව විඳින්නේ නැත. නින්දාව ගැන අධෛර්ය නො වන්න, මන්ද ඔබ අවමානයට පත් වන්නේ නැත. මන්ද ඔබේ යෞවනයේ ලජ්ජාව, ඔබට අමතක වනු ඇත. ඔබේ වැන්දඹු භාවයේ නින්දාව, ඔබට තවත් සිහි වන්නේ නැත. මන්ද ඔබේ සැමියා, ඔබේ මැවුම්කරුවාණන් ය. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ඔබේ මිදුම්කරුවාණන් ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ, මුළු පොළොවෙහි දෙවියන්වහන්සේ යනුවෙනි. අත්හැර දමනු ලැබ සිටි, ආත්මයේ සෝ තැවුල් විඳි බිරිඳක වශයෙන් ද පන්නා දමනු ලැබ සිටි විවාපත් තුරුණු බිරිඳක වශයෙන් ද ස්වාමින්වහන්සේ යළි ඔබ කැඳවන සේකැ” යි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක. “එක් සුළු මොහොතකට මම ඔබ අත්හළෙමි. එහෙත් මහා අනුකම්පාවකින් මම යළි ඔබ කැඳවා ගනිමි. කෝපයේ රළ-පතරකින් ඔබ වෙතින් මම, මොහොතකට මගේ මුහුණ සඟවා ගතිමි. එහෙත් සදාතනික ප්‍රේමයෙන් මම ඔබට අනුකම්පා කරමි” යි ඔබේ මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේ පවසන සේක. “මට මෙය නෝවාගේ දවස් වැන්න. නෝවාගේ ගං වතුර යළි කිසි දින පොළෝ තලය වසා ගන්නේ නැතැයි මා දිවුරා ඇති පරිදි, ඔබ කෙරේ කෝප වන්නේ නැති වගට හා යළි කිසි දින ඔබට තරවටු නො කරන වගට මම දැන් දිවුළෙමි. මන්ද කඳු නික්ම යනු ඇත. හෙල් ද ඉවත් කරනු ලබන්නේ ය. එහෙත් ඔබට ඇති මගේ නොමියෙන පෙම ඔබ වෙතින් නික්ම යන්නේ නැත. මගේ සාමයේ ගිවිසුම ද ඉවත් කරනු ලබන්නේ නැතැ” යි ඔබට දයානුකම්පා පානා ස්වාමින්වහන්සේ කියන සේක.

යෙසායා 54:4-10 Sinhala Revised Old Version (SROV)

භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය. කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ. මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක. මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි. මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක. මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි. මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.

යෙසායා 54:4-10 Sinhala New Revised Version (NRSV)

බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය. නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය. ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක: “මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි. ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි. එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.” නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි. කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”

යෙසායා 54:4-10 Sinhala New Revised Version 2018 (SNRV)