යෙසායා 48:10-13
යෙසායා 48:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔන්න, මම ඔබ පවිත්‍ර කළෙමි. එහෙත් රිදී මෙන් නො වේ. විපත්ති-පීඩා උදුනෙහි මම ඔබ සෝදිසි කළෙමි. මන්ද මා මෙසේ කරන්නේ, මා උදෙසා ය. මා උදෙසා ම ය. මගේ නාමය නිග්‍රහයට පත් වීමට මම කෙසේ ඉඩ දෙම් ද? මගේ ගෞරවය කොහෙත් ම වෙන කෙනකුට නො දෙන්නෙමි. “එම්බා යාකොබ්, මවිසින් කැඳවා ගත් ඉශ්රායෙල්, මට සවන් දෙන්න. මමයි උන්වහන්සේ; මමයි පළමු වැන්නා; මමයි අන්තිමයාත්. පොළොවේ අත්තිවාරම් ලූයේ, මගේ අතින් ය. අහස් කුස් විහිද වූයේ, මගේ දකුණු අතින් ය. මා ඒවා කැඳවූ කල, ඒවා එක් ව පෙනී සිටී.
යෙසායා 48:10-13 Sinhala Revised Old Version (SROV)
බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උදුණේදී නුඹ තෝරාගතිමි. මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි. එම්බා යාකොබ්, මා විසින් කැඳවාගත් තැනැත්තාවූ ඉශ්රායෙල්, මට ඇහුම්කන්දෙන්න. මම [සදාකල්] සිටින්නාවූ තැනන්වහන්සේය; මම පළමුවෙනියාය; අන්තිමයාත් මමය. එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.
යෙසායා 48:10-13 Sinhala New Revised Version (NRSV)
ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. මා කරන දේ මා කරන්නේ මා උදෙසා ම ය. මාගේ නාමය කෙලෙසන්නට වත්, මට ම අයිති, මට පමණක් හිමි, මාගේ ගෞරවය වෙන කිසිවෙකුට ගන්න වත් මම ඉඩ නොදෙමි.” “මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය. පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.
යෙසායා 48:10-13 Sinhala New Revised Version 2018 (SNRV)
ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. මා කරන දේ මා කරන්නේ මා උදෙසා ම ය. මාගේ නාමය කෙලෙසන්නට වත්, මට ම අයිති, මට පමණක් හිමි, මාගේ ගෞරවය වෙන කිසිවෙකුට ගන්න වත් මම ඉඩ නොදෙමි.” “මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය. පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.
යෙසායා 48:10-13 New International Version (NIV)
See, I have refined you, though not as silver; I have tested you in the furnace of affliction. For my own sake, for my own sake, I do this. How can I let myself be defamed? I will not yield my glory to another. “Listen to me, Jacob, Israel, whom I have called: I am he; I am the first and I am the last. My own hand laid the foundations of the earth, and my right hand spread out the heavens; when I summon them, they all stand up together.