යෙසායා 44:21-28

යෙසායා 44:21-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මේ දෑ සිහි කරන්න. එම්බා යාකොබ්, එම්බා ඉශ්‍රායෙල්, මන්ද ඔබ මගේ සේවකයා ය. එම්බා ඉශ්‍රායෙල්, මම ඔබ සෑදීමි. ඔබ මගේ සේවකයා ය. මවිසින් ඔබ අමතක කරනු ලබන්නේ නැත. මම ඔබේ අපරාධ වලාකුළක් මෙන් ද ඔබේ පාප මී-දුම මෙන් ද පහ කර දැමුවෙමි. මා වෙත ආපසු එන්න. මම ඔබ මුදා ගත්තෙමි.” එම්බා ස්වර්ගයෙනි, ගී ගයන්න. මන්ද ස්වාමින්වහන්සේ මේ දේ කළ සේක. ඝෝෂා කරන්න. එම්බා පොළෝ ගැඹුරෙනි, එම්බා කඳුකරයෙනි, වනාන්තරයෙනි, සියලු වෘක්ෂලතාවනි, ගී රාව නගන්න. මන්ද යාකොබ් මිදූ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්හි තේජසට පත් කෙරේ. මව් කුසයේ ඔබ හැඩගැන් වූ, ඔබේ ගැලවුම්කරු වූ ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මේ සියලු දේ සෑදූ ස්වාමින්වහන්සේ අහස් කුස තනි ව දිග හළ තැනැත්තාණන්, පොළෝ තලය ඇතුරූ තැනැත්තාණන් මම ය. බොරුකරුවන්ගේ නිමිති ව්‍යර්ථ කරන්නේත්, පේන කියන්නන් මෝඩයින් කරවන්නේත් මා ය. පණ්ඩිතයින් ආපස්සට හරවා, ඔවුන්ගේ දැනුම මොට කරන්නේත්, මගේ සේවකයින්ගේ වචන ස්ථිර කරන්නේත්, මගේ පණිවුඩකරුවන්ගේ උපදේශන ඉටු කරන්නේත්, “යෙරුසලම ගැන, ‘එය ජනාවාස වේ’ ය කියන්නේත්, යූදා නගර ගැන, ‘ඒවා ගොඩ නගනු ලැබේ’ ය කියන්නේත්, ඒවායේ නටබුන් ‘යළි පිළිසකර කෙරේ’ ය කියන්නේත්, දිය පිරි ගැඹුර අමතා, ‘සිඳී යන්න. මම ඔබේ දිය පාරවල් වියළවන්නෙමි’ යි කියන්නේත්, කෝරෙෂ් ගැන, ‘මගේ එඬේරා ඔහු’ ය. මගේ අරමුණු සියල්ල ඔහු ඉටු කරනු ඇත. යෙරුසලම ගැන, ඔහු, ‘එය යළි ගොඩ නැගේවා’ කියා ද දේව මාලිගය ගැන, ‘එහි අත්තිවාරම් දමනු ලැබේවා’ කියා ද කියනු ඇතැයි කියන්නේත් මම ය.”

යෙසායා 44:21-28 Sinhala Revised Old Version (SROV)

එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ සෑදීමි; නුඹ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය. මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි. ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක. නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය. මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය. මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය. ගැඹුරට: හිඳෙන්න කියාද, මම නුඹේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනන්වහන්සේය. කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.

යෙසායා 44:21-28 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ් වංශයෙනි, ඉශ්රායෙල්වරුනි, මේ දේවල් සිහි කරන්න. නුඹලා මාගේ සේවකයා බව මතක තබාගන්න. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිස ය. කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි. මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න. ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක. නුඹේ මැවුම්කාරයාත්, ගැළවුම්කාරයාත් වන සමිඳාණෝ මම ය. සියල්ලේ මැවුම්කාරයාණන් වන සමිඳාණෝ මම ය. අහස විදහා මැව්වේත්, මම ය. මා පොළොව මැවූ විට කිසිවෙකුගේ උදව්වක් මට වුවමනා නො වී ය. ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය. පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය. මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය. මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය. සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”

යෙසායා 44:21-28 Sinhala New Revised Version 2018 (SNRV)