යෙසායා 44:17-20

යෙසායා 44:17-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දැවයේ ඉතිරි කොටසින් ඔහු දෙවියකු කොට තම දේව පිළිමය තනා ගනියි. ඔහු ඊට වැඳ වැටෙමින්, නමදියි. ඔහු ඊට යදිමින්, “මා මුදනු මැනවි, මගේ දෙවියා ඔබ යැ” යි කියයි. ඔවුන් කිසිවක් දන්නේ නැත. ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැත. මන්ද ඔවුනට දකින්නට නො හැකි වන ලෙස ඔවුන්ගේ නෙත් වසා ඇත. ඔවුනට වටහා ගත නො හැකි ලෙස ඔවුන්ගේ මනස් වසා ඇත. කිසි කෙනකු සිතා බලන්නේ නැත. “කොටසක් මම දර පිණිස යෙදුවෙමි. එහි ගිනි අඟුරු මත මම රොටි පිලිස්සීමි. මම මස් පිසගෙන, කෑවෙමි. ඉතිරි ලී කොටසින්, මෙවන් පිළිකුලක් තනා ගැනීම මට යුතු ද? ලී කොටයකට මා වැඳ වැටිය යුතු දැ?” යි පවසන්නට කිසිවකුටත් දැනගැන්මක් නැත; වැටහීමක් නැත. ඔහු අළුවලින් පෝෂ්‍ය වන්නා වැන්න. මායාකාරී හදක්, ඔහු මුළා කරයි. තමා ම ගලවා ගන්නට ඔහුට නො හැකි ය. “මගේ දකුණතේ තිබෙන්නේ බොරුවක් නො වේ දැ?” යි අසන්නටත් ඔහුට නො හැකි ය.

යෙසායා 44:17-20 Sinhala Revised Old Version (SROV)

ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය. ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ. මම කොටසක් දවා එහි අඟුරු පිට රොටි පිලිස්සීමි; මස් පුලුස්සා කෑවෙමි; ඉතිරි ඒවායෙන් පිළිකුල් දෙයක් සාදා ලී කඳකට වැඳවැටෙම්දැයි කියන්ට කිසිවෙක් සිතට ගන්නේවත් ඒ අයට දැනගැන්මද තේරුමද ඇත්තේවත් නැත. ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.

යෙසායා 44:17-20 Sinhala New Revised Version (NRSV)

ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, “ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය. එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැත. සැබෑ දේ කුමක් දැ යි දැනගැනීමට වත්, තේරුම්ගැනීමට වත් නොහැකි වන පරිදි ඔවුන්ගේ ඇස් ද සිත් ද වැසී ඇත. තමා එක ම ලීයක කොටසකින් දර ලබාගෙන, රොටි පුළුස්සා, මස් බැද කන බවත්, ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් කපාගෙන ලී කඳකට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත. ඔහු කරන දේ ගඟට ඉණි කැපීමක් වැන්න. ඔහු රැවටී, මුළා වී සිටින බැවින්, ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපය කිසි සේත් දෙවි කෙනෙකු නොවන බව ඔහුට තේරුම්ගත නොහැකි ය.

යෙසායා 44:17-20 Sinhala New Revised Version 2018 (SNRV)