යෙසායා 40:6-9

යෙසායා 40:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි. “කුමක් කෑ මොර දෙම් දැ?” යි මම ඇසීමි. “සියලු මාංසිකයින් තණපත් වැන්න. ඔවුන්ගේ මුළු අලංකාරය කෙත් වත්හි මල් වැන්න. තණපත් වියළෙයි; මල් පරවෙයි. මන්ද ස්වාමින්වහන්සේගේ හුස්ම ඒවා පිට වැදේ. සැබවින් ම ජනයා තෘණ ය. තණපත් වියළෙයි; මල් පරවෙයි. එහෙත් අපගේ දෙවියන්වහන්සේගේ වචනය, සදහට පවතියි.” ඔබ, උස කන්දකට නගින්න එම්බා සියොන, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. ඔබේ කටහඬින් ශක්තිමත් ව මොර හඬ නගන්න. එම්බා යෙරුසලම, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. උස් හඬ නගන්න. භය නො වන්න. “මෙන්න ඔබේ දෙවියන්වහන්සේ!” යි යූදා නගරවලට පවසන්න.

යෙසායා 40:6-9 Sinhala New Revised Version (NRSV)

“පණිවුඩයක් ප්‍රකාශ කරන්නැ”යි හඬක් කී ය. “කුමන පණිවුඩයක් ප්‍රකාශ කරම් දැ”යි මම ඇසීමි. “සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති; ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි. සමිඳුන්ගේ හුස්ම වැදුණ විට තණ කොළ වියළී යයි; මල් පර වෙයි. මිනිස් වර්ගයා ඒ තණ කොළ හා සමාන ය. තණ කොළ වියළෙයි; මල් පර වෙයි. එහෙත්, අපේ දෙවිඳුන්ගේ වචනය සදහට ම පවතියි.” සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.

යෙසායා 40:6-9 Sinhala New Revised Version 2018 (SNRV)