යෙසායා 37:16-20

යෙසායා 37:16-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“අහෝ! සේනාංකවල ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය. සවන් දී අසන්න, අහෝ ස්වාමින්වහන්ස; ඔබේ ඇස් විවර කර බලන්න, අහෝ ස්වාමින්වහන්ස; ජීවමාන දෙවියන්වහන්සේට නිග්‍රහ කරමින් සෙනකෙරීබ් විසින් එවන ලද වචන සියල්ලට සවන් දෙන්න. “අහෝ ස්වාමින්වහන්ස, සියලු ජාතීන් හා ඔවුන්ගේ දේශ අසිරියාවේ රජුන් විසින් වනසා දමන ලද වග සැබෑ ය. ඔවුහු ඒ ජාතීන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුෑහ. මන්ද ඔවුන් දෙවිවරුන් නො වෙයි. මිනිස් අතින් නිමැවුණු ලී හා ගල් පමණක් ම ය. එබැවින් ඔවුහු විනාශ කරන ලදහ. එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.

යෙසායා 37:16-20 Sinhala Revised Old Version (SROV)

කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය. ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරීබ් කියා එවූ වචන ඇසුව මැනව. ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් සියලු දේශවාසීන්ද ඔවුන්ගේ රටවල්ද පාළුකොට, ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තවූ ලී සහ ගල්ව තිබුණේය. ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය. එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.

යෙසායා 37:16-20 Sinhala New Revised Version (NRSV)

“කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳුනි, ඔබ පමණක් ලොවේ සියලු රාජ්‍යයන් පාලනය කරන දෙවියන් වහන්සේ ය. අහසත් පොළොවත් මැව්වේ ඔබ වහන්සේ ය. දැන් සමිඳාණන් වහන්ස, කන් යොමා අපට සවන් දුන මැනව. නෙත් යොමා අප දෙස බැලුව මැනව. ජීවමාන දෙවියන් වන ඔබට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියන සියලු දේට සවන් දුන මැනව. සමිඳාණන් වහන්ස, අසිරියාවේ අධිරාජවරුන් බොහෝ රාජ්‍යයන් විනාශකර, ඒ දේශයන් පාළුකර ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය. දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”

යෙසායා 37:16-20 Sinhala New Revised Version 2018 (SNRV)