යෙසායා 2:3-5

යෙසායා 2:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බොහෝ ජනයා අවුත්, “එන්න, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු. යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු. ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස, උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත. මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද ස්වාමින්වහන්සේගේ වචනය, යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය. උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කරන සේක. බොහෝ ජනයින් උදෙසා ආරවුල් සමථය කරන සේක. ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත. ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්, තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත. එම්බා යාකොබ් වංශය, එන්න! අපි ස්වාමින්වහන්සේගේ ආලෝකයෙහි ඇවිදිමු.

යෙසායා 2:3-5 Sinhala Revised Old Version (SROV)

බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය. උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත. අහෝ යාකොබ්ගේ වංශය, එන්න, ස්වාමීන්වහන්සේගේ එළියෙහි ගමන්කරමු.

යෙසායා 2:3-5 Sinhala New Revised Version (NRSV)

බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය. මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත. අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු.

යෙසායා 2:3-5 Sinhala New Revised Version 2018 (SNRV)