උත්පත්ති 7:1-7
උත්පත්ති 7:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඉන්පසු නෝවා ඇමතූ සේක්, “ඔබත්, ඔබේ මුළු පවුලත් නැවට ඇතුළු වන්න. මන්ද මේ පරපුරේ ඔබ පමණක් ධර්මිෂ්ඨ වග මම දුටිමි. හැම වර්ගයක ම පවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩු හත බැගින් ද අපවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩුවක් බැගින් ද හැම වර්ගයක ම පක්ෂීන්ගෙන් කුරුල්ලකු හා උගේ කිරිල්ල යන වශයෙන් කුරුලු ජෝඩු හත බැගින් ද ඒ ඒ සත්ව වර්ග පොළෝ තලේ නො නැසී පැවැත්ම සඳහා ඔබ කැටිව ගෙන යන්න. තව හත් දවසකින් දහවල හතළිහක් හා රෑ හතළිහක් එක දිගට පොළොව පිට වැසි වස්සන්නෙමි. එසේ මා විසින් සාදන ලද හැම සජීවී සතකු ම පොළෝ තලයෙන් තුරන් කර දමන්නෙමි” යි පැවසූ සේක. නෝවා, ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල කළේ ය. පොළොව මතට ජලගැල්ම පැමිණෙන විට නෝවාගේ වයස අවුරුදු හයසියයක් විය. ජලගැල්මෙන් බේරෙනු පිණිස, නෝවා තම පුතුන් ද තම භාර්යාව හා තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව නැවට ඇතුළු වූයේ ය.
උත්පත්ති 7:1-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි. මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද නුඹ වෙතට ගන්න. මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක. නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය. පොළොවෙහි ජලගැල්ම වූ කල්හි නෝවා අවුරුදු හසියයක් වයස්ව සිටියේය. ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය.
උත්පත්ති 7:1-7 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, “නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි. තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක. නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය. පොළොව මත ජලගැල්ම පැතිරෙන විට නෝවාට වයස අවුරුදු හයසියයක් විය. ජලගැල්මෙන් බේරීමට නෝවා, සිය පුතුන් ද භාර්යාව ද පුතුන්ගේ භාර්යාවන් ද කැටුව නැවට ඇතුළු විය.
උත්පත්ති 7:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 7:1-7 New International Version (NIV)
The LORD then said to Noah, “Go into the ark, you and your whole family, because I have found you righteous in this generation. Take with you seven pairs of every kind of clean animal, a male and its mate, and one pair of every kind of unclean animal, a male and its mate, and also seven pairs of every kind of bird, male and female, to keep their various kinds alive throughout the earth. Seven days from now I will send rain on the earth for forty days and forty nights, and I will wipe from the face of the earth every living creature I have made.” And Noah did all that the LORD commanded him. Noah was six hundred years old when the floodwaters came on the earth. And Noah and his sons and his wife and his sons’ wives entered the ark to escape the waters of the flood.