උත්පත්ති 43:23-28 - Compare All Versions

උත්පත්ති 43:23-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට ඔහු, “නුඹලාට සාමය වේවා! භය වෙන්න එපා; ඔබේ දෙවියන්වහන්සේ, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ඔබේ ගෝණි තුළ ඔබට ධනයක් දී තිබේ. ඔබේ මුදල් මට ලැබුණා” යි කීවේ ය. ඉන්පසු ඔහු සිමියොන් ද ඔවුන් වෙත පැමිණ වී ය. ඉන්පසු ඔහු යෝසෙප්ගේ නිවස තුළට ඒ මිනිසුන් කැඳවා, ඔවුන්ගේ පා දෝවනයට දිය සැපයී ය. ඔවුන්ගේ බූරුවනට පිදුරු ද දුන්නේ ය. එහිදී තමන් ආහාර ගැනීමට නියමිත වග ඇසූ ඔවුහු, මද්දහනේ පැමිණෙන යෝසෙප්ට, ඔවුන්ගේ ත්‍යාග, පිළියෙල කළහ. යෝසෙප් නිවසට ආ කල, ඔවුහු ගෙතුළට ගෙනවුත් තිබූ තෑගි ඔහුට පිළිගන්වා, බිමට නැමී, ඔහුට වැඳ, ආචාර කළහ. ඔවුන්ගේ සුව දුක් විමසූ ඔහු, “ඔබ මට පැවසූ ඔබේ වියපත් පියාට කොහොම ද? ඔහු තවමත් ජීවත් වේ දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ සේවක, අපගේ පියා තවමත් ජීවත් ව, සුවෙන් සිටිනවා” කියා, හිස් බිමට නවා, ප්‍රණාමය දැක්වූහ.

බෙදාගන්න
උත්පත්ති 43 SCV

උත්පත්ති 43:23-28 SROV (Sinhala Revised Old Version)

ඔහුද: නුඹලාට සමාදානය වේවා, භයනොවන්න. නුඹලාගේද නුඹලාගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ නුඹලාගේ ගෝණිවල නුඹලාට වස්තුවක් දුන්සේක. නුඹලාගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය. ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය. තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය. යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය. ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය.

බෙදාගන්න
උත්පත්ති 43 SROV

උත්පත්ති 43:23-28 NRSV (Sinhala New Revised Version)

එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය. පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි. එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ. ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ. ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.

බෙදාගන්න
උත්පත්ති 43 NRSV

උත්පත්ති 43:23-28 SNRV (Sinhala New Revised Version 2018)

උත්පත්ති 43 SNRV

උත්පත්ති 43:23-28 NIV (New International Version)

“It’s all right,” he said. “Don’t be afraid. Your God, the God of your father, has given you treasure in your sacks; I received your silver.” Then he brought Simeon out to them. The steward took the men into Joseph’s house, gave them water to wash their feet and provided fodder for their donkeys. They prepared their gifts for Joseph’s arrival at noon, because they had heard that they were to eat there. When Joseph came home, they presented to him the gifts they had brought into the house, and they bowed down before him to the ground. He asked them how they were, and then he said, “How is your aged father you told me about? Is he still living?” They replied, “Your servant our father is still alive and well.” And they bowed down, prostrating themselves before him.

බෙදාගන්න
උත්පත්ති 43 NIV