උත්පත්ති 4:9-12
උත්පත්ති 4:9-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක. “මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය. එවිට ස්වාමින්වහන්සේ “නුඹ කර තිබෙන්නේ කුමක් ද? නුඹේ සහෝදරයාගේ ලේවල හඬ පොළොවේ සිට මට මොර ගසයි. නුඹේ අතින් වැගිරුණු නුඹේ සහෝදරයාගේ ලේ පිළිගැනීමට මුව විවර කළ පොළොවේ ශාපයකට නුඹ යටත්; නුඹ පොළොව වගා කරන කල, පොළොව තවදුරටත් එහි සාරවත්කම නුඹට උපද්දවා නො දෙයි. නුඹ ස්ථිර පදිංචියක් නැතිව, මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇතැ” යි පැවසූ සේක.
උත්පත්ති 4:9-12 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ: නුඹේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය. උන්වහන්සේ: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි. දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය. නුඹ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙහියයි කීසේක.
උත්පත්ති 4:9-12 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි. මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත. මෙතැන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට පලදාව නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නෙහි යැ”යි වදාළ සේක.
උත්පත්ති 4:9-12 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි. මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත. මෙතැන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට පලදාව නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නෙහි යැ”යි වදාළ සේක.
උත්පත්ති 4:9-12 New International Version (NIV)
Then the LORD said to Cain, “Where is your brother Abel?” “I don’t know,” he replied. “Am I my brother’s keeper?” The LORD said, “What have you done? Listen! Your brother’s blood cries out to me from the ground. Now you are under a curse and driven from the ground, which opened its mouth to receive your brother’s blood from your hand. When you work the ground, it will no longer yield its crops for you. You will be a restless wanderer on the earth.”