උත්පත්ති 30:1-13

උත්පත්ති 30:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තමා යාකොබ්ට දරුවන් බිහි කර නොමැති වග දුටු රාඛෙල් තම සහෝදරියට ඊර්ෂ්‍යා කළා ය. ඈ යාකොබ් අමතමින්, “මට දරුවන් දෙන්න; නැති නම් මා මැරෙනවා” යි කීවා ය. එවිට රාඛෙල් හා උරණ වූ යාකොබ්, “දරු පල දැරීමෙන් ඔබ වැළැක් වූ දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවන් දැ?” යි කීවේ ය. එවිට ඈ කතා කරමින්, “මෙන්න, මගේ සේවිකාව බිල්හා; මා වෙනුවෙන් දරුවන් බිහි කර දෙන පිණිසත්, ඇය මගින් මටත් දරුවන් ලැබෙන පිණිසත් ඇය සමඟ සයනය කරන්නැ” යි කීවා ය. මෙසේ ඈ තම සේවිකාව වූ බිල්හා ඔහුට බිරිඳක වශයෙන් දුන්නා ය. යාකොබ් ඇය හා සයනය කළේ ය. බිල්හා ගැබ් ගෙන, යාකොබ්ට පුතකු බිහි කළා ය. එවිට රාඛෙල්, “දෙවියන්වහන්සේ මට යුක්තිය ඉටු කර, මගේ කන්නලව්වට සවන් දී මට පුතකු දුන් සේකැ” යි කියා, ඔහුට දාන් යැයි නම් තැබුවා ය. රාඛෙල්ගේ සේවිකාව, බිල්හා යළි ගැබ් ගෙන, යාකොබ්ට දෙවන පුතකු බිහි කළා ය. එවිට රාඛෙල්, “මගේ සහෝදරිය සමඟ මහා පොරබැදීමක් කළෙමි. සැබවින් ම මම ඉන් ජය ගතිමි” යි කීවා ය. එබැවින් ඈ, ඔහුට නෆ්තලී යන නම තැබුවා ය. ලෙයා ද තම ගැබ් ගැනීම නැවතුණු වග දුටු කල, තම සේවිකාව වූ සිල්පා කැඳවා, යාකොබ්ට බිරිඳක වශයෙන් දුන්නා ය. ලෙයාගේ සේවිකාව, සිල්පා යාකොබ් නිසා පුතකු බිහි කළා ය. එවිට ලෙයා, “කෙතරම් කදිම භාග්‍යයක් දැ!” යි කීවා ය. එබැවින් ඈ, ඔහුට ගාද් යන නම තැබුවා ය. ලෙයාගේ සේවිකා, සිල්පා යාකොබ්ට දෙවන පුතකු ද බිහි කළා ය. එවිට ලෙයා, “මා කෙතරම් ප්‍රීතියෙන් ද! ස්ත්‍රීන් මට ‘ප්‍රීතිය’ කියා කියනු ඇතැ” යි කියමින් ඔහුට ආෂෙර් යන නම තැබුවා ය.

උත්පත්ති 30:1-13 Sinhala Revised Old Version (SROV)

තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය. එවිට යාකොබ් රාඛෙල් කෙරෙහි තරහවිය. ඔහු කථාකොට: ගර්භයේ ඵල නුඹෙන් වැලැක්වූ දෙවියන්වහන්සේ වෙනුවට මම සිටිම්දැයි කීය. එවිට රාබෙල්: මාගේ දාසීවූ බිල්හා බලන්න, ඈ මාගේ උකුළට දරුවන් බිහිකර දෙන පිණිසද ඈ කරණකොටගෙන මටත් දරුවන් ලැබෙන පිණිසද ඈ කරා එළඹෙන්න කියා තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය. බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය. රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය. රාඛෙල්ගේ දාසීවූ බිල්හා නැවත ගර්භිණීව යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය. එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය. ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය. ලෙයාගේ දාසීවූ ශිල්පාද යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ලෙයා: වාසනාවන්තයි! කියා ඔහුට ගාද් යන නාමය තැබුවාය. ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය. ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.

උත්පත්ති 30:1-13 Sinhala New Revised Version (NRSV)

රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, “මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය. එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය. ඈ ද කතා කරමින්, “මෙන්න, මාගේ සේවිකාව වන බිල්හා, ඈ සමඟ එක් වන්න. ඇගෙන් මට දරුවන් ලබාගත හැක. මෙලෙස ඈ මඟින් මට දරුවන් ඇති වේ ය”යි කීවා ය. මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි. ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. එවිට රාකෙල්, “දෙවියන් වහන්සේ මට යුක්තිය ඉටු කළ සේක. උන් වහන්සේ මාගේ හඬටත් සවන් දී, මට පුතෙකු දුන් සේකැ”යි කියා ඔහුට දාන් යන නාමය තැබුවා ය. රාකෙල්ගේ සේවිකාව වන බිල්හා නැවතත් ගැබ්ගෙන ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය. එවිට රාකෙල්, “මාගේ සහෝදරී සමඟ මාර යුද්ධයක් කර ජය ගතිමි”යි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවා ය. ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ශිල්පා ද ගැබ්ගෙන ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. එවිට ලෙයා, “මම කෙතරම් වාසනාවන්ත ද” කියා ඔහුට ගාද් යන නාමය තැබුවා ය. ලෙයාගේ සේවිකාව වන ශිල්පා ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය. එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.

උත්පත්ති 30:1-13 Sinhala New Revised Version 2018 (SNRV)