උත්පත්ති 3:2-6
උත්පත්ති 3:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්ත්‍රිය සර්පයාට පිළිතුරු දෙන්නී, “උයනේ ඇති ගස්වල පල කන්නට අපට පුළුවන. එහෙත් දෙවියන්වහන්සේ කීවේ, ‘උයන මැද ඇති ගහේ පල ඔබ නො කෑ යුතු ය; එය ස්පර්ශ නො කළ යුතු ය. නැතහොත් ඔබ මිය යනු ඇත’ කියා යැ” යි පැවසුවා ය. “සැබවින් ම ඔබ මැරෙන්නේ නැතැ” යි පැවසූ සර්පයා, “එයින් කන දවසේ ඔබේ ඇස් ඇරී, හොඳ හා නරක දැනගැනීමෙන් ඔබත් දෙවියන්වහන්සේ හා සමාන වන වග දෙවියන්වහන්සේ දන්නා සේකැ” යි ද පැවසී ය. ගහේ පල කෑමට හොඳ බැව් ද ඇසට ප්‍රිය බැව් ද නුවණ ලැබීමට ආශා විය යුතු බැව් ද දුටු ස්ත්‍රිය, එයින් ගෙන කෑවා ය. තමා සමඟ සිටි තම ස්වාමිපුරුෂයාට ද ඈ ඒවා දුන්නා ය; ඔහු ද කෑවේ ය.
උත්පත්ති 3:2-6 Sinhala Revised Old Version (SROV)
ස්ත්රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; එහෙත් දෙවියන්වහන්සේ–නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය. සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්රීට කීය. ස්ත්රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.
උත්පත්ති 3:2-6 Sinhala New Revised Version (NRSV)
ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, “උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය. එවිට සර්පයා පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය. ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය.
උත්පත්ති 3:2-6 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 3:2-6 New International Version (NIV)
The woman said to the serpent, “We may eat fruit from the trees in the garden, but God did say, ‘You must not eat fruit from the tree that is in the middle of the garden, and you must not touch it, or you will die.’ ” “You will not certainly die,” the serpent said to the woman. “For God knows that when you eat from it your eyes will be opened, and you will be like God, knowing good and evil.” When the woman saw that the fruit of the tree was good for food and pleasing to the eye, and also desirable for gaining wisdom, she took some and ate it. She also gave some to her husband, who was with her, and he ate it.