උත්පත්ති 25:24-26
උත්පත්ති 25:24-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇගේ ප්රසව කාලය එළැඹි කල, ඇගේ කුසෙහි නිවුන් දරු දෙදෙනෙක් වූහ. මුලින් ම උපන්නා පැහැයෙන් රතු ය. ඔහුගේ මුළු ගතම ලොම් රෙද්දක් වැන්න. එබැවින් ඔවුහු ඔහුට ඒසව් යැයි නම් තැබූහ. ඉන්පසු ඔහුගේ සහෝදරයා බිහි වූයේ ය. ඔහු ඒසව්ගේ විලුඹ තම අතින් ග්රහණයෙන් ගෙන සිටියේ ය. එබැවින් ඔහුට යාකොබ් යන නම තැබිණ. රෙබෙකා මොවුන් බිහි කරන කල, ඊසාක් හැටවන වියෙහි පසු විය.
උත්පත්ති 25:24-26 Sinhala Revised Old Version (SROV)
ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය. ප්රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය. ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් බිහිකළ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය.
උත්පත්ති 25:24-26 Sinhala New Revised Version (NRSV)
ඇගේ ප්රසූත කාලය සම්පූර්ණ වූ විට, මෙන්න, ඇගේ කුසෙහි නිඹුල් දරුවෝ සිටියහ. පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී. ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.
උත්පත්ති 25:24-26 Sinhala New Revised Version 2018 (SNRV)
ඇගේ ප්රසූත කාලය සම්පූර්ණ වූ විට, මෙන්න, ඇගේ කුසෙහි නිඹුල් දරුවෝ සිටියහ. පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී. ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.
උත්පත්ති 25:24-26 New International Version (NIV)
When the time came for her to give birth, there were twin boys in her womb. The first to come out was red, and his whole body was like a hairy garment; so they named him Esau. After this, his brother came out, with his hand grasping Esau’s heel; so he was named Jacob. Isaac was sixty years old when Rebekah gave birth to them.