උත්පත්ති 21:32-34 - Compare All Versions

උත්පත්ති 21:32-34 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙසේ බෙයර්ෂෙබාහි ගිවිසුමෙන් පසු, අබිමෙලෙක් හා ඔහුගේ හමුදාපති පීකොල් පෙරළා පිලිස්තිවරුන්ගේ දේශයට ගියහ. ආබ්‍රහම්, බෙයර්ෂෙබාහි එෂෙල් ගසක් පැළ කොට, එහිදී ස්වාමින්වහන්සේගේ නාමයෙන්, සදාතනික දෙවියන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළේ ය. ආබ්‍රහම් දිගු කලක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි විදේශී ව සිටියේ ය.

බෙදාගන්න
උත්පත්ති 21 SCV

උත්පත්ති 21:32-34 SROV (Sinhala Revised Old Version)

මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහිදී ගිවිසුමක් කරගත්තෝය. තවද අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් නැගිට පිලිස්තිවරුන්ගේ දේශයට හැරීගියෝය. ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය. ආබ්‍රහම් පිලිස්තිවරුන්ගේ දේශයෙහි බොහෝ දවස් පොරොත්තුව සිටියේය.

බෙදාගන්න
උත්පත්ති 21 SROV

උත්පත්ති 21:32-34 NRSV (Sinhala New Revised Version)

මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ. ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.

බෙදාගන්න
උත්පත්ති 21 NRSV

උත්පත්ති 21:32-34 SNRV (Sinhala New Revised Version 2018)

මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ. ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.

බෙදාගන්න
උත්පත්ති 21 SNRV

උත්පත්ති 21:32-34 NIV (New International Version)

After the treaty had been made at Beersheba, Abimelek and Phicol the commander of his forces returned to the land of the Philistines. Abraham planted a tamarisk tree in Beersheba, and there he called on the name of the LORD, the Eternal God. And Abraham stayed in the land of the Philistines for a long time.

බෙදාගන්න
උත්පත්ති 21 NIV