උත්පත්ති 17:23-27
උත්පත්ති 17:23-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ ම ආබ්‍රහම් තම පුත් ඉෂ්මායෙල් ද තම නිවසේ උපන්නා වූත්, තමා විසින් මිල දී ගෙන තිබුණා වූත් සියල්ලන් ද යන වශයෙන් ඔහුගේ ගෘහවාසී සියලු පිරිමින් කැඳවා, දෙවියන්වහන්සේ ඔහුට පැවසූ පරිදි, ඔවුන්ගේ ලිංගාග්‍ර චර්මය ඡේද්‍ය කළේ ය. චර්මඡේද ලබන කල, ආබ්‍රහම්ගේ වයස අවුරුදු අනූනවයකි. චර්මඡේද ලබන කල, ඔහුගේ පුත් ඉෂ්මායෙල් අවුරුදු දහතුනකි. ඒ එක ම දවසේ ආබ්‍රහම් ද ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේද ලදහ. මෙසේ ආබ්‍රහම්ගේ නිවසේ ඉපදුණු හෝ ඔහු විසින් විදෙස්සකුගෙන් මිල දී ගන්නා ලද හෝ සේවකයින් ඇතුළු ව ඔහුගේ ගෘහවාසී සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද ලදහ.
උත්පත්ති 17:23-27 Sinhala Revised Old Version (SROV)
එවිට ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ්‍රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කෙළේය. ආබ්‍රහම් චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල අවුරුදු අනූනවයක් වයස්ව සිටියේය. ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස්ව සිටියේය. එම දවසෙහිම ආබ්‍රහම්ද ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද චර්මඡේද්‍යය කරනු ලැබුවෝය. ගෙයි උපන්නෝද විදේශීන්ගෙන් මිලේට ගනු ලැබුවෝද යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.
උත්පත්ති 17:23-27 Sinhala New Revised Version (NRSV)
එවිට ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද තම ගෘහයේ උපන් සියලු දෙනා ද ඔහු මිල දී ගත් සියලු දෙනා ද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් ද රැගෙන, එක ම දවසේ දී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මඡේදනය කෙළේ ය. ආබ්‍රහම් චර්මඡේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු අනූනවයකි; ඉෂ්මායෙල්ට අවුරුදු දහතුනකි. ආබ්‍රහම් ද, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේදනය කරනු ලැබුවේ එක දවසේ ය. ආබ්‍රහම් සමඟ තම ගෘහයේ උපන් පිරිමින් ද, විදේශීන්ගෙන් මිලට ගත් අය ද ඇතුළු සියලු පිරිමි චර්මඡේදනය කරන ලදහ.
උත්පත්ති 17:23-27 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද තම ගෘහයේ උපන් සියලු දෙනා ද ඔහු මිල දී ගත් සියලු දෙනා ද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් ද රැගෙන, එක ම දවසේ දී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මඡේදනය කෙළේ ය. ආබ්‍රහම් චර්මඡේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු අනූනවයකි; ඉෂ්මායෙල්ට අවුරුදු දහතුනකි. ආබ්‍රහම් ද, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේදනය කරනු ලැබුවේ එක දවසේ ය. ආබ්‍රහම් සමඟ තම ගෘහයේ උපන් පිරිමින් ද, විදේශීන්ගෙන් මිලට ගත් අය ද ඇතුළු සියලු පිරිමි චර්මඡේදනය කරන ලදහ.
උත්පත්ති 17:23-27 New International Version (NIV)
On that very day Abraham took his son Ishmael and all those born in his household or bought with his money, every male in his household, and circumcised them, as God told him. Abraham was ninety-nine years old when he was circumcised, and his son Ishmael was thirteen; Abraham and his son Ishmael were both circumcised on that very day. And every male in Abraham’s household, including those born in his household or bought from a foreigner, was circumcised with him.