ගලාති 6:14-15
ගලාති 6:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ලෝකයට මා කුරුසිපත් කළ, ලෝකය ද මට කුරුසිපත් වූ යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කුරුසිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් පාරට්ටු කර ගැනීමට කිසි කලෙකත් මට සිදු නො වේවා! මන්ද නව මැවිල්ල මිස, චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ගණන් නො ගැණේ.
ගලාති 6:14-15 Sinhala Revised Old Version (SROV)
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටුකරගන්ට මට නම් සිද්ධ නොවේවා; ඒ කරණකොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියෙහි ඇණ ගසනුලද්දේ විය. මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මඡේද්යවත් අචර්මඡේද්යයවත් කිසිවක් නොවේ.
ගලාති 6:14-15 Sinhala New Revised Version (NRSV)
එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය. චර්මඡේදනය වත් අචර්මඡේදනය වත් වැදගත් නැත; වැදගත් දෙය නම්, අලුත් මැවිල්ලක් වීම ය.
ගලාති 6:14-15 Sinhala New Revised Version 2018 (SNRV)