එස්රා 4:4-5 - Compare All Versions

එස්රා 4:4-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට දේශයේ ජනයා යූදා ජනයා අධෛර්යට පත්කරවන්නටත්, ඉදිකිරීම් වළකමින් ඔවුන් භයගන්වන්නටත් පටන් ගත්හ. පර්සියාවේ රජු වූ කෝරෙෂ්ගේ මුළු පාලන කාලයේදී හා පර්සියාවේ රජු වූ දාරෙයාවෙෂ්ගේ කාලය දක්වාත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්නට හා ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කරන්නට ඔවුහු උපදේශකයින් අල්ලසට ගත්හ.

බෙදාගන්න
එස්රා 4 SCV

එස්රා 4:4-5 SROV (Sinhala Revised Old Version)

එවිට දේශයේ සෙනඟ යූදා සෙනඟගේ අත් දුර්වලකර, ගොඩනැගීමේදී ඔවුන් කලඹා, පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ කාලය මුළුල්ලේ, එනම් පාර්සියාවේ රජවූ දාරියුෂ් රජකමට පැමිණෙන තුරුම, ඔවුන්ගේ අභිප්‍රාය නිෂ්ප්‍රභාකරන පිණිස ඔවුන්ට විරුද්ධව මන්ත්‍රීන් කුලියට ගත්තෝය.

බෙදාගන්න
එස්රා 4 SROV

එස්රා 4:4-5 NRSV (Sinhala New Revised Version)

එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ. තවද, ඔවුන්ගේ වැඩ ව්‍යර්ථ කරන පිණිස ඔව්හු රජයේ නිලධාරීන්ට අල්ලස් දුන්හ. මේ තත්ත්වය පර්සියාවේ රජු වූ සයිරස්ගේ මුල් කාලයේ සිට පර්සියාවේ රජු වූ දාරියුස් රජකමට පැමිණෙන තුරු ම පැවතිණි.

බෙදාගන්න
එස්රා 4 NRSV

එස්රා 4:4-5 SNRV (Sinhala New Revised Version 2018)

එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ. තවද, ඔවුන්ගේ වැඩ ව්‍යර්ථ කරන පිණිස ඔව්හු රජයේ නිලධාරීන්ට අල්ලස් දුන්හ. මේ තත්ත්වය පර්සියාවේ රජු වූ සයිරස්ගේ මුල් කාලයේ සිට පර්සියාවේ රජු වූ දාරියුස් රජකමට පැමිණෙන තුරු ම පැවතිණි.

බෙදාගන්න
එස්රා 4 SNRV

එස්රා 4:4-5 NIV (New International Version)

Then the peoples around them set out to discourage the people of Judah and make them afraid to go on building. They bribed officials to work against them and frustrate their plans during the entire reign of Cyrus king of Persia and down to the reign of Darius king of Persia.

බෙදාගන්න
එස්රා 4 NIV