එසකියෙල් 9:1-11
එසකියෙල් 9:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු උන්වහන්සේ උස් හඬින්, මෙසේ මොර ගසනු මට ඇසිණ. “මෙම පුරවරයට දඬුවම් දීමට පත් බලධාරීන් එකිනෙකා තම තමාගේ ආයුධ අතට ගෙන, මෙහි ළඟා වනු.” එවිට, මිනිසුන් හය දෙනකු තම මාරක අවිය අත දරමින්, උතුරට මුහුණ ලා තිබූ ඉහළ දොරටුව දෙසින් පැමිණෙනු මම දුටුවෙමි. හණ පිළි හැඳ, ලිවීමේ උපකරණ ඉඟ බැඳගත් මිනිසෙක් ඔවුන් අතරෙහි විය. ඔවුහු පැමිණ, ලෝකඩ පූජාසනය පසෙකින් සිටගත්හ. ඒ අතර ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, එය පිහිටා තිබූ කෙරුබ්වරුන් වෙතින් ඉහළ නැගී, ගෘහ දොරකඩ වෙතට මෑත් විය. එවිට හණ පිළි හැඳි, ලිවීමේ උපකරණ ඉඟ බැඳි මිනිසාට ස්වාමින්වහන්සේ කතා කරමින්, “යෙරුසලම් පුරය මුළුල්ලේ ඇවිද, එහිදී සිදු කෙරෙන සියලු පිළිකුල්කම් ගැන තැවෙන, වැලපෙන අයගේ නළල්හි සලකුණක් තබන්නැ” යි කී සේක. මා අසා සිටියදී සෙස්සන් ඇමතූ උන්වහන්සේ, “ඔහු පසු පස්සේ පුරවරය ඔස්සේ ගොස්, අනුකම්පා නො පා, දයා නො කර මරා දමන්න. මහල්ලන්, තරුණයින්, කන්‍යා යුවතියන්, ළමයින් හා කාන්තාවන් මරා දමන්න. එහෙත්, සලකුණ ඇති කිසිවකුටත් අත නො තබන්න. මගේ ශුද්ධස්ථානයෙන් ම පටන් ගන්නැ” යි කී සේක. එබැවින් ඔවුහු ගෘහය ඉදිරිපිට සිටි ප්‍රජා මූලිකයින්ගෙන් පටන් ගත්හ. එවිට උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ගෘහය අපවිත්‍ර කරනු! මාලිග මළු හැමකක් ම මළ මිනීවලින් පුරවනු! දැන් ම යනු!” යි කී සේක. මෙසේ පිටත් ව ගිය ඔවුහු, පුරවරය මුළුල්ලේ ඝාතනය පටන් ගත්හ. ඔවුන් ඝාතනයෙහි යෙදෙද්දී, තනි කරනු ලැබ සිටි මම වැටී, මුහුණ බිමට නමා, හඬා වැටෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, යෙරුසලම පිට ඔබගේ උදහස මෙසේ වැගිරවීමකදී ඉශ්‍රායෙල් ජනයාගෙන් ඉතිරි ව සිටින ස්වල්ප දෙනා ද මුළුමනින් ම විනාශ කර දමන සේක් දැ” යි ඇසීමි. උන්වහන්සේ මට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල් හා යූදා වංශයේ පාප උතුරා යන තරම් ඉමහත් ය. දේශය ලේ වැගිරවීමෙන් පිරිලා ය. පුරවරය අයුක්තියෙන් පිරිලා ය. ඔවුහු කතා කොට, ‘ස්වාමින්වහන්සේ දේශය අත් හළ සේක. ස්වාමින්වහන්සේ දකින්නේ නැතැ’ යි කියති. එබැවින් මම අනුකම්පාවෙන් ඔවුන් දෙස නො බලමි. ඔවුන් ඉතිරි නො කරමි. ඔවුන් කළ දෑ මම ඔවුන්ගේ ම හිස් පිට පතිත කරන්නෙමි” යි කී සේක. එවිට, හණ පිළි හැඳ, ලිවීමේ උපකරණ ඉඟ බැඳගත් මිනිසා පෙරළා පිළිතුරු දෙමින්, “ඔබ මට අණ කළ පරිද්දෙන් මම කළෙමි” යි කීවේ ය.
එසකියෙල් 9:1-11 Sinhala Revised Old Version (SROV)
ඉක්බිති උන්වහන්සේ: මේ නුවර මුරකාරයන් එකිනෙකා තම තමාගේ විනාශකිරීමේ ආයුධය අතේ ඇතුව ළංවන්ට සලස්වන්න කියා මහත් හඬින් මොරගසනවා මට ඇසුණේය. එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මනුෂ්‍යයන් හය දෙනෙක් එකිනෙකා තම තමාගේ මරණායුධය අතේ ඇතුව ආවෝය; ඔවුන් මැද එක් මනුෂ්‍යයෙක් හණ වස්ත්‍ර හැඳගෙන, තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටියේය. ඔව්හු ඇතුල් වී පිත්තල පූජාසනය ළඟ සිටියෝය. එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස එය නැවති තිබුණු ස්ථානය වන කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත ළඟට ගොස්, හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටිය මනුෂ්‍යයාට මොරගැසීය. ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක. මා අසා සිටියදී උන්වහන්සේ අනික් තැනැත්තන්ට කථාකොට: නුඹලා නුවර තුළට ඔහු පස්සේ ගොස් පහරදෙන්න. නුඹලාගේ ඇස් දයා නොකෙරේවා, නුඹලා කරුණා නොකරන්න. මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය. නුඹලා ගෘහය අපවිත්‍රකරමින්, මැරුම්කෑවුන්ගෙන් මිදුල් පුරවා, පිටත යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු පිටත ගොස් නුවර ඇතුළෙහි පහරදුන්නෝය. ඔවුන් පහරදෙද්දී මම ඉතිරිවී මුහුණින් වැටී: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔබගේ කෝපය යෙරුසලම පිට වගුරුවන අතර ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතිරිව සිටින සියල්ලන්ම ඔබ නාස්තිකරනසේක්දැයි කියා මොරගැසීමි. එවිට උන්වහන්සේ: ඉශ්‍රායෙල් සහ යූදා වංශයේ අයුතුකම ඉතාම මහත්ය, දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ. මක්නිසාද– ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ නොදක්නාසේක කියාද ඔව්හු කියති. එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක. එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තෙහි තීන්ත කූඩුව ඇතුව සිට මනුෂ්‍යයා හැරී ඇවිත්: ඔබවහන්සේ අණකළ ලෙස කෙළෙමියි කීවේය.
එසකියෙල් 9:1-11 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු උන් වහන්සේ “මේ නගරයට දඬුවම් කිරීමට පත් කර සිටින සියල්ලෙනි, නුඹලා එකිනෙකාගේ අතේ මාරක අවි ආයුධ ඇති ව ළං වන්නැ”යි මහ හඬින් මොරගසනවා මට ඇසිණි. එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මිනිස්සු හයදෙනෙක් එකිනෙකා තම තමාගේ මාරක ආයුධ අතේ ඇති ව ආහ. ඔවුන් අතරේ ඉඟ පටියේ ලිපි උපකරණ මල්ල එල්ලාගත්, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසෙක් සිටියේ ය. ඔව්හු ඇතුළු වී ලෝකඩ පූජාසනය ළඟ සිට ගත්හ. එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක. මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, “නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න. මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය. උන් වහන්සේ කතා කරමින්, “නුඹලා දේව මාලිගාව අපවිත්‍ර කරමින්, එය මළකඳන්වලින් පුරවා පිටත යන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු පිටතට ගොස්, නුවර ඇතුළෙහි සෙනඟට පහර දුන්නෝ ය. ඔවුන් පහර දෙද්දී මම පමණක් නැවතී සිටියෙමි. මම ද මුණින්තළා වී, “අහෝ, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබේ කෝපය ජෙරුසලම පිට වගුරුවන අතර, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි ව සිටින සියල්ලන් ම ඔබ නාස්ති කරන සේක් දැ”යි මොරගසා ඇසුවෙමි. එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති. එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක. එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තේ ලිපි උපකරණ මල්ල ඇති ව සිටි මනුෂ්‍යයා හැරී අවුත්, “ඔබ වහන්සේ අණ කළ ලෙස කෙළෙමි”යි වාර්තා කෙළේ ය.
එසකියෙල් 9:1-11 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 9:1-11 New International Version (NIV)
Then I heard him call out in a loud voice, “Bring near those who are appointed to execute judgment on the city, each with a weapon in his hand.” And I saw six men coming from the direction of the upper gate, which faces north, each with a deadly weapon in his hand. With them was a man clothed in linen who had a writing kit at his side. They came in and stood beside the bronze altar. Now the glory of the God of Israel went up from above the cherubim, where it had been, and moved to the threshold of the temple. Then the LORD called to the man clothed in linen who had the writing kit at his side and said to him, “Go throughout the city of Jerusalem and put a mark on the foreheads of those who grieve and lament over all the detestable things that are done in it.” As I listened, he said to the others, “Follow him through the city and kill, without showing pity or compassion. Slaughter the old men, the young men and women, the mothers and children, but do not touch anyone who has the mark. Begin at my sanctuary.” So they began with the old men who were in front of the temple. Then he said to them, “Defile the temple and fill the courts with the slain. Go!” So they went out and began killing throughout the city. While they were killing and I was left alone, I fell facedown, crying out, “Alas, Sovereign LORD! Are you going to destroy the entire remnant of Israel in this outpouring of your wrath on Jerusalem?” He answered me, “The sin of the people of Israel and Judah is exceedingly great; the land is full of bloodshed and the city is full of injustice. They say, ‘The LORD has forsaken the land; the LORD does not see.’ So I will not look on them with pity or spare them, but I will bring down on their own heads what they have done.” Then the man in linen with the writing kit at his side brought back word, saying, “I have done as you commanded.”