එසකියෙල් 28:1-10

එසකියෙල් 28:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: “මනුෂ්‍ය පුත්‍රය, තීර්හි පාලකයාට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ ‘නුඹේ හදේ උඩඟුවෙන්, නුඹ මෙසේ කියා ඇත: “මම දෙවියෙක්මි; මහ මුහුද මැද මම දෙවියකුගේ සිහසුනෙහි හිඳගනිමි” යනුවෙනි. එහෙත් දෙවියකු සේ නුඹ ප්‍රඥාවත් යයි නුඹ සිතුවත්, නුඹ මිනිසකු මිස දෙවියකු නො වේ. නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවත් ද? කිසි රහසක් නුඹෙන් සැඟවී නැති ද? නුඹේ ප්‍රඥාවෙන් හා දැනුමෙන් නුඹ ධනය අත්කර ගෙන ඇත. නුඹේ භාණ්ඩාගාරවල රන් ද රිදී ද ගොඩ ගසා ඇත. වෙළඳාම ගැන වූ නුඹේ මහා නිපුණත්වයෙන් නුඹේ ධනය වැඩිකරගත් නුඹ, ඒ ධනය නිසා ම නුඹේ හද උඩඟුවෙන් පුරවා ගත්තේ ය. “ ‘එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ ‘නුඹ ප්‍රඥාවත් යැයි, දෙවියකු සේ ප්‍රඥාවත් යැයි නුඹ සිතන බැවින්, මෙන්න! මම නුඹට එරෙහිව වඩාත් ම කෘෘරතර ජාතීන් වන විදෙස්සන් ගෙනෙන්නෙමි. ඔවුන් නුඹේ අලංකාරයට හා ප්‍රඥාවට එරෙහිව තම අසිපත් ඇද, බැබළෙන නුඹේ ශෝභාලංකාරය දූෂ්‍ය කරනු ඇත. ඔවුන් නරාවළට ම නුඹ බස්සවනු ඇත. නුඹ මහ මුහුද මැදදී සැහැසි මරණයකට පත් ව ඇත. එසේ වේ නම්, ඔබේ මිනී මරුවන් ඉදිරියේදීත්, “මම දෙවියෙක්මි” යි නුඹ කියා ගන්නවා ද? නුඹ, නුඹේ ඝාතකයින්ගේ අතට අසු වූ හුදු මිනිසකු විනා, දෙවියකු නො වේ. විදේශිකයන්ගේ අත්වලට හසුව, නුඹ චර්ම-අඡේදිතයකුගේ මරණයට පාත්‍ර වනු ඇත. මන්ද මම එසේ පැවසීමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක.’ ”

එසකියෙල් 28:1-10 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි තීර්හි අධිපතියාට කියන්න: නුඹ දෙවිකෙනෙක් නොව මනුෂ්‍යයෙක් නුමුත් නුඹේ සිත උඩඟුවී–මම දෙවිකෙනෙක්මි; මුහුද මැද මම දෙවිකෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමියි නුඹ කියමින්, නුඹේ සිත දෙවිකෙනෙකුගේ සිත මෙන් සැලකුවෙහිය. ඔන්න, නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්තය; නුඹෙන් කිසි රහසක් සඟවන්ට බැරිය. නුඹේ ප්‍රඥාවෙන්ද නුඹේ නුවණින්ද නුඹ සම්පත් උපදවාගෙන, රන්ද රිදීද ලබා නුඹේ ගබඩාවල තබාගත්තෙහිය. නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩිකරගෙන සිටින බැවින්, නුඹේ සම්පත්වලින් නුඹේ සිත උඩඟුවී තිබේ. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක. නුඹේ සිත දෙවිකෙනෙකුගේ සිත මෙන් නුඹ සලකන බැවින්, බලව, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ ප්‍රඥාවේ ලක්ෂණකමට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, නුඹේ දීප්තිය කිලුටුකරන්නෝය. ඔව්හු නුඹ මිනීවළට පමුණුවන්නෝය; මැරුම්කන අය විඳින මරණවලින් නුඹ මුහුද මැදදී මැරෙනවා ඇත. නුඹ දෙවි කෙනෙක් නොව නුඹට තුවාලකරන්නාගේ අතේ මනුෂ්‍යයෙක්ව සිටින නුමුත්–මම දෙවිකෙනෙක්යයි නුඹව මරාදමන්නා ඉදිරියෙහි ඇත්තටම නුඹ කියන්නෙහිද? අචර්මඡේදිතයන් විඳින මරණවලින් නුඹ විදේශීන් අතින් මැරුම්කන්නෙහිය. මක්නිසාද මම එසේ කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

එසකියෙල් 28:1-10 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය. නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය. නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය. නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ. “එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ දෙවි කෙනෙකු මෙන් ඥානවන්ත යයි සිතන බැවින්, බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත. ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත. නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද? අචර්මඡේදිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම්කන්නෙහි ය. මන්ද, මම එසේ කීයෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

එසකියෙල් 28:1-10 Sinhala New Revised Version 2018 (SNRV)