නික්මයාම 34:23-24
නික්මයාම 34:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවුරුද්දකට තුන් වරක් ඔබේ සියලු පිරිමින්, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. මම ඔබ ඉදිරිපිටින් ජාතීන් පලවා හැර, ඔබගේ දේශ සීමා පුළුල් කරන්නෙමි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටීමට, හැම වසරක ම තුන් වතාවක් ඔබ පිටත් ව යන කල, කිසිවකුදු ඔබගේ භූමියට තෘෂ්ණා නො කරනු ඇත.
නික්මයාම 34:23-24 Sinhala Revised Old Version (SROV)
නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය. මක්නිසාද මම නුඹ ඉදිරියෙන් ජාතීන් දුරුකොට නුඹේ සීමාව විශාල කරන්නෙමි. නුඹ අවුරුද්දකට තුන් වරක් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට යන කල්හි කිසිවෙක් නුඹේ දේශයට ආශා නොකරන්නේය.
නික්මයාම 34:23-24 Sinhala New Revised Version (NRSV)
“අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.
නික්මයාම 34:23-24 Sinhala New Revised Version 2018 (SNRV)
“අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.
නික්මයාම 34:23-24 New International Version (NIV)
Three times a year all your men are to appear before the Sovereign LORD, the God of Israel. I will drive out nations before you and enlarge your territory, and no one will covet your land when you go up three times each year to appear before the LORD your God.