නික්මයාම 33:1-7
නික්මයාම 33:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙතැන හැර, ඔබත්, ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ජනයාත් පිටත් වී, මවිසින් ‘ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි’ යි කියමින්, ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද මා දිවුරා පොරොන්දු වූ දේශයට යන්න. මම ඔබට පෙරටුවෙන් දූතයකු යවමින්, කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා යෙබූසිවරුන් පන්නා දමන්නෙමි. කිරි හා පැණි ගලා යන දේශය වෙත යන්න. එහෙත් මම නුඹලා සමඟ නො එන්නෙමි. මන්ද නුඹලා මහ මුරණ්ඩු ජනතාවක් බැවින්, අතර මගදී නුඹලා වනසා දමන්නට මට සිදු විය හැකි බැවිනි” යි පැවසූ සේක. ඛේදජනක මෙම වචන ඇසූ ජනයා වැලපෙන්නට වන්හ. කිසිවකුත් කිසි ආභරණයක් පැලැන්දේ නැත. එසේ වූයේ, “ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, ‘නුඹලා මහ මුරණ්ඩු ජනතාවක්; එක මොහොතකට හෝ මා නුඹලා සමඟ ආවහොත්, මා අතින් නුඹලා වැනසෙනු ඇත. දැන් නුඹලාගේ ආභරණ ගලවා දමන්න. නුඹලා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි මම නිශ්චය කරන්නෙමි කියා ඉශ්‍රායෙල් ජනයාට කියන්නැ’ යි” පවසා තිබූ බැවිනි. එබැවින් ඉශ්‍රායෙල් ජනයා හොරේබ් කන්දේ සිට ඉදිරියට තම ආභරණ ගලවාගෙන ගමන් කළෝ ය. මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය.
නික්මයාම 33:1-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න. මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි. ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. නුඹ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශනොකරන පිණිස නුඹලා අතරේ නොයන්නෙමියි කීසේක. සෙනඟ ඒ නපුරු ප්‍රවෘත්ති අසා වැලපුණෝය. කිසි මනුෂ්‍යයෙක්වත් තමාගේ ආභරණ පැළඳ නොගත්තේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–නුඹලා තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට නුඹලා අතරට පැමිණියෙම් නම් නුඹලා නැති කරදමන්නෙමි. එබැවින් නුඹලාට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් නුඹලාගේ ආභරණ නුඹලා වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝද හොරේබ් කන්දේ පටන් ඉන් ඉදිරියට තමුන්ගේ ආභරණ ගළවාගන ගියෝය. මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය.
නික්මයාම 33:1-7 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න. ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද, මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නාදමමි. කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත්, නුඹ සමඟ මම නොයමි. මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟ දී නුඹලා වනසාලන්නට පිළිවනැ”යි වදාළ සේක. සෙනඟ ද මේ අසුබ ආරංචිය ඇසූ විට වැලපෙන්නට වූ හ. කිසිවෙක් තම කනකර පැළඳ නොගත්හ. උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි. ඉශ්රායෙල් ජනයා ද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ. මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය.
නික්මයාම 33:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 33:1-7 New International Version (NIV)
Then the LORD said to Moses, “Leave this place, you and the people you brought up out of Egypt, and go up to the land I promised on oath to Abraham, Isaac and Jacob, saying, ‘I will give it to your descendants.’ I will send an angel before you and drive out the Canaanites, Amorites, Hittites, Perizzites, Hivites and Jebusites. Go up to the land flowing with milk and honey. But I will not go with you, because you are a stiff-necked people and I might destroy you on the way.” When the people heard these distressing words, they began to mourn and no one put on any ornaments. For the LORD had said to Moses, “Tell the Israelites, ‘You are a stiff-necked people. If I were to go with you even for a moment, I might destroy you. Now take off your ornaments and I will decide what to do with you.’ ” So the Israelites stripped off their ornaments at Mount Horeb. Now Moses used to take a tent and pitch it outside the camp some distance away, calling it the “tent of meeting.” Anyone inquiring of the LORD would go to the tent of meeting outside the camp.