නික්මයාම 19:18-20
නික්මයාම 19:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සීනයි කන්ද දුමින් වැසී ගියේ ය. එසේ වූයේ ස්වාමින්වහන්සේ ගින්නෙන් කන්ද මතට බැස ආ බැවිනි. දුම් ඉහළ නැගුණේ උදුනකින් නැගෙන දුමක් සේ ය. මුළු මහත් කන්ද අධික ලෙස දෙදරුම් කැවිණ. හොරණෑ නාදය වඩ වඩා උස් හඬ නගත් ම, මෝසෙස් කතා කළේ ය. එවිට දෙවියන්වහන්සේ ඇසෙන හඬකින් ඔහුට පිළිතුරු දුන් සේක. ස්වාමින්වහන්සේ සීනයි කන්දට, එම කඳු මුඳුනට, බැස අවුත්, කඳු මුඳුනට මෝසෙස් කැඳවූ සේක. එබැවින් මෝසෙස් එහි නැගුණේ ය.
නික්මයාම 19:18-20 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය. හොරණෑ ශබ්දය වැඩි වැඩිව පැවතුණු විට මෝසෙස් කථාකෙළේය, දෙවියන්වහන්සේ ශබ්දයකින් ඔහුට උත්තරදුන්සේක. ස්වාමීන්වහන්සේ සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක; මෝසෙස්ද නැගී ගියේය.
නික්මයාම 19:18-20 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය. හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක. සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.
නික්මයාම 19:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය. හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක. සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.
නික්මයාම 19:18-20 New International Version (NIV)
Mount Sinai was covered with smoke, because the LORD descended on it in fire. The smoke billowed up from it like smoke from a furnace, and the whole mountain trembled violently. As the sound of the trumpet grew louder and louder, Moses spoke and the voice of God answered him. The LORD descended to the top of Mount Sinai and called Moses to the top of the mountain. So Moses went up