නික්මයාම 18:22-23
නික්මයාම 18:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු හැම කල්හි ජනතාවට විනිසුරුවන් වශයෙන් කටයුතු කරත්වා. එහෙත් බරපතළ සිද්ධීන් හැමකක් ම ඔබ වෙතට පමුණුවනු ලබත්වා. සුළු ගැටලු ඔවුන්ට ම විසඳිය හැකි ය. මෙසේ ඔවුන් ද ඔබ සමඟ මේ බරට උරදෙන බැවින් එය ඔබට පහසුවක් වනු ඇත. ඔබ එලෙස කරන්නේ නම්, දෙවියන්වහන්සේ ද එසේ අණ කරන සේක් නම්, ඔබට ද දැරිය හැකි වනු ඇත. මේ සියලු ජනයා ද සෑහීමෙන් යුතු ව යළි තම ගෙවලට යනු ඇතැ” යි කීවේ ය.
නික්මයාම 18:22-23 Sinhala Revised Old Version (SROV)
ඔව්හු සියලු ප්රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය.
නික්මයාම 18:22-23 Sinhala New Revised Version (NRSV)
ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.
නික්මයාම 18:22-23 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.
නික්මයාම 18:22-23 New International Version (NIV)
Have them serve as judges for the people at all times, but have them bring every difficult case to you; the simple cases they can decide themselves. That will make your load lighter, because they will share it with you. If you do this and God so commands, you will be able to stand the strain, and all these people will go home satisfied.”