නික්මයාම 10:21-22
නික්මයාම 10:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඊජිප්තු දේශය මත අන්ධකාරයක් පැතිරෙන පිණිස, අතගා බැලිය හැකි තරම් අන්ධකාරයක් පැතිරෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් අහස දෙසට තම අත දිගු කළේ ය. එවිට මුළු ඊජිප්තු දේශය ඝන අන්ධකාරයකින් තුන් දවසක් ම වැසී ගත්තේ ය.
නික්මයාම 10:21-22 Sinhala Revised Old Version (SROV)
එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක. මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගුකෙළේය; එවිට මිසර දේශය මුළුල්ලෙහි තුන් දවසක් ඝනාන්ධකාරයක් වූයේය
නික්මයාම 10:21-22 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය.
නික්මයාම 10:21-22 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය.
නික්මයාම 10:21-22 New International Version (NIV)
Then the LORD said to Moses, “Stretch out your hand toward the sky so that darkness spreads over Egypt—darkness that can be felt.” So Moses stretched out his hand toward the sky, and total darkness covered all Egypt for three days.