නික්මයාම 1:17-19
නික්මයාම 1:17-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, ඊජිප්තු රජු තමන්ට කී දේ නො කොට, පිරිමි දරුවන්ට ද ජීවත් වන්නට ඉඩ හළහ. එවිට ඊජිප්තු රජ වින්නඹුවන් කැඳවා, ඔවුන් අමතමින්, “ඇයි, නුඹලා මෙහෙම කළේ? පිරිමි ළමයින්ටත් ජීවත් වන්නට ඉඩ දුන්නේ ඇයි දැ?” යි ඇසී ය. වින්නඹුවෝ පාරාවෝට උත්තර දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීන්, ඊජිප්තු ස්ත්‍රීන් වාගේ නො වේ. ඔවුන් ශක්තිමත්; එබැවින් වින්නඹුවන් ළං වන්නට කලින් ඔවුහු ප්‍රසූත කරති” යි කීවෝ ය.
නික්මයාම 1:17-19 Sinhala Revised Old Version (SROV)
එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය. එවිට මිසරයේ රජ වින්නඹුවන් කැඳවා: කුමක්හෙයින් මේ දේ කොට පිරිමි දරුවන් නොමරා ඉතිරිකළහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. වින්නඹුවෝ: හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර ස්ත්‍රීන්ට සමාන නොවෙති; ඔව්හු ශක්තිමත් බැවින් වින්නඹුවන් ඔවුන් වෙතට එන්ට පළමුවෙන් වදතියි ඵාරාවෝට කීවෝය.
නික්මයාම 1:17-19 Sinhala New Revised Version (NRSV)
එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ.
නික්මයාම 1:17-19 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ.
නික්මයාම 1:17-19 New International Version (NIV)
The midwives, however, feared God and did not do what the king of Egypt had told them to do; they let the boys live. Then the king of Egypt summoned the midwives and asked them, “Why have you done this? Why have you let the boys live?” The midwives answered Pharaoh, “Hebrew women are not like Egyptian women; they are vigorous and give birth before the midwives arrive.”