නික්මයාම 1:11-14
නික්මයාම 1:11-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින්, බර වැඩ පටවා, ඔවුන් පීඩාවට පත් කරන පිණිස, ඔවුහු වැඩ විදානේවරුන් පත් කළහ. ඉශ්‍රායෙල්වරු මෙසේ පාරාවෝ උදෙසා පිතොම් හා රාමසෙස් යන ගබඩා නුවරවල් ගොඩ නැගූහ. එහෙත් පීඩා කරනු ලැබීම වැඩි වන තරමට ඔවුහු වඩ වඩා වර්ධන වෙමින්, පැතිරුණහ. ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ගැන භීතියට පත් වූවාහු, ඉශ්‍රායෙල්වරුන් නිර්දය ලෙස බර වැඩෙහි යෙදවූහ. ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට ජීවිතය තිත්ත කරවමින්, මැටි වැඩ, ගඩොල් වැඩ හා වතු පිටිවල සියලු වැඩ යන බර වැඩෙහි ඔවුන් යෙදවූහ. ඊජිප්තුවරුන් මේ සියලු බර වැඩ ඔවුන්ට පැටවූයේ දයා විරහිත ව ය.
නික්මයාම 1:11-14 Sinhala Revised Old Version (SROV)
එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය. නුමුත් ඔවුන්ට පීඩාකරන්ට කරන්ට ඔව්හු වඩ වඩා බෝවී වඩ වඩා පැතිරගියෝය. මිසරවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා බියපත්ව තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය. ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.
නික්මයාම 1:11-14 Sinhala New Revised Version (NRSV)
එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය. එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
නික්මයාම 1:11-14 Sinhala New Revised Version 2018 (SNRV)
එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය. එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
නික්මයාම 1:11-14 New International Version (NIV)
So they put slave masters over them to oppress them with forced labor, and they built Pithom and Rameses as store cities for Pharaoh. But the more they were oppressed, the more they multiplied and spread; so the Egyptians came to dread the Israelites and worked them ruthlessly. They made their lives bitter with harsh labor in brick and mortar and with all kinds of work in the fields; in all their harsh labor the Egyptians worked them ruthlessly.