එස්තර් 1:19
එස්තර් 1:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් රජු මනාප වේ නම්, එතුමන් වෙතින් රාජ නියෝගයක් නිකුත් වෙත්වා. වෂ්තීට යළි කිසි දිනෙක අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසිය නො හැකි ය යන ඒ නියෝගය වෙනස් කළ නො හැකි සේ, එය පර්සියා හා මේදියා නීතියෙහි ලේඛනගත කෙරෙත්වා. තවද ඇගේ රාජකීය පදවිය, ඇයට වඩා සුදුසු තැනැත්තියකට රජු විසින් දෙනු ලැබේවා.
එස්තර් 1:19 Sinhala Revised Old Version (SROV)
රජ්ජුරුවන් සතුටු නම් වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මේදවරුන්ගේද ව්‍යවස්ථා අතරෙහි ලියා තබන්ටත් යෙදේවා; ඇගේ බිසෝකමද ඈට වඩා හොඳ තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේවා.
එස්තර් 1:19 Sinhala New Revised Version (NRSV)
රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා!
එස්තර් 1:19 New International Version (NIV)
“Therefore, if it pleases the king, let him issue a royal decree and let it be written in the laws of Persia and Media, which cannot be repealed, that Vashti is never again to enter the presence of King Xerxes. Also let the king give her royal position to someone else who is better than she.