එපීස 6:18-24
එපීස 6:18-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරී ව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරු ව යාච්ඤා කරන්න. මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීත ව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න. මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීත ව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න. ස්වාමින්වහන්සේ තුළ විශ්වාසවන්ත දේව-සේවක අප ප්‍රේමණීය සොයුරු තුකිකස් සියලු තොරතුරු ඔබට පවසනු ඇත. එවිට මගේ තතු කෙසේ ද, මා කරන්නේ කවරේ ද යන්න ගැන ඔබටත් දැනගත හැකි වනු ඇත. මා ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන තොරතුරු ඔබට දැන ගන්නටත්, ඔහු මගින් ඔබ ධෛර්යවත් කරන්නටත් යන අරමුණින් ය. පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද සාමයත්, ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයින්ට අත් වේවා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නොමියෙන පෙමින් ප්‍රේම කරන සැමට අනුග්‍රහය වේවා!
එපීස 6:18-24 Sinhala Revised Old Version (SROV)
සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න. යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්, මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න. නුමුත් මාගේ කාරණාත් මා සිටින්නේ කෙලෙසද කියාත් නුඹලා දැනගන්නා පිණිස, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද වූ තුඛීකස් සියල්ල නුඹලාට දන්වනවා ඇත. මේ අදහස පිණිසම, එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත් ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්, ඔහු නුඹලා වෙතට එවීමි. පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයන්ට වේවා. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් ප්‍රේමකරන්නාවූ සියල්ලන්ට අනුග්‍රහය වේවා.
එපීස 6:18-24 Sinhala New Revised Version (NRSV)
සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න. සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න. සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න. මාගේ සුව දුක් ගැන ද වැඩ කටයුතු ගැන ද දැනගැන්මට ඔබ ආශාවෙන් සිටිනු ඇත. අපගේ හිතවත් සහෝදරයා ද සමිඳාණන් වහන්සේ තුළ විශ්වාසවත් සේවකයා ද වූ, තුකිකස් සියලු තොරතුරු ඔබට දන්වනු ඇත. මා ඔහු ඔබ වෙතට එවන්නේ මේ සඳහා ම ය; අප ගැන ආරංචි ඔබට දෙන පිණිසත්, ඔබ ධෛර්යවත් කරන පිණිසත් ය. පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා! අමරණීය ප්‍රේමයකින් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට කරුණාව වේ වා!
එපීස 6:18-24 Sinhala New Revised Version 2018 (SNRV)

එපීස 6:18-24 New International Version (NIV)
And pray in the Spirit on all occasions with all kinds of prayers and requests. With this in mind, be alert and always keep on praying for all the Lord’s people. Pray also for me, that whenever I speak, words may be given me so that I will fearlessly make known the mystery of the gospel, for which I am an ambassador in chains. Pray that I may declare it fearlessly, as I should. Tychicus, the dear brother and faithful servant in the Lord, will tell you everything, so that you also may know how I am and what I am doing. I am sending him to you for this very purpose, that you may know how we are, and that he may encourage you. Peace to the brothers and sisters, and love with faith from God the Father and the Lord Jesus Christ. Grace to all who love our Lord Jesus Christ with an undying love.