එපීස 4:14-19

එපීස 4:14-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්‍රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසා ගෙන යන, රළ රැළිවලින් ඈත-මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත. ඒ වෙනුවට අපි ප්‍රේමයෙන් යුතු ව, සත්‍යය පවසමින්, ශරීරයේ හිස වන ක්‍රිස්තුස්වහන්සේ තුළට සැමතින් ම වැඩෙන්නෙමු. මෙසේ, හැම ශරීරාංගයක් ම නිසියාකාර ව ක්‍රියා කරමින්, මුළු ශරීරයේ හැම සම්පාදිත අවයවයක් ම අස්ථි සන්ධියකින් එක්සන්ධි වී පැවත, ප්‍රේමයෙන් වැඩෙමින්, ස්වයං ව ගොඩ නැගෙයි, එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේ ම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි. තම හදවත්වල දැඩිකම නිසා, අනාවබෝධය හේතුවෙන්, ඔවුහු සිටින්නේ තම වැටහීම අඳුරු කර ගෙන, දෙවියන්වහන්සේගේ ජීවනයෙන් ද වෙන් ව ය. ඔවුහු සියලු සංවේදිතා අහිමි ව, අනාචාරයට තමන් ම බාර වී, සකල විධ අපවිත්‍රතාහි ගැලෙන්නට තෘෂ්ණා වී සිටිති.

බෙදාගන්න
එපීස 4 කියවන්න

එපීස 4:14-19 Sinhala Revised Old Version (SROV)

තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්, ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය. උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය. එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි. ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති. ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.

බෙදාගන්න
එපීස 4 කියවන්න

එපීස 4:14-19 Sinhala New Revised Version (NRSV)

එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ. එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න. අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති.

බෙදාගන්න
එපීස 4 කියවන්න

එපීස 4:14-19 Sinhala New Revised Version 2018 (SNRV)

එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ. එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න. අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති.

බෙදාගන්න
එපීස 4 කියවන්න