ධර්මදේශකයා 5:4-7
ධර්මදේශකයා 5:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේට ඔබ බාරයක් වූ කල, එය ඉටු කිරීම පමා නො කරන්න. අඥානයින් ගැන උන්වහන්සේගේ මනාපයක් නැත; ඔබේ බාර ඉෂ්ට කරන්න. බාරයක් වී, එය ඉෂ්ට කිරීම පැහැර හරිනවාට වඩා බාරයක් නො වී සිටීම හොඳ ය. ඔබ පවට පොලඹවන්නට ඔබේ මුවට ඉඩ නො දෙන්න. “මගේ බාරය අත්වැරැද්දක් ය” කියා පණිවුඩකරුවා සමඟ තර්ක නො කරන්න. ඔබ පවසන දෑට දෙවියන්වහන්සේ කෝප වී, ඔබගේ දෑතේ වැඩ විනාශ කර දමන්නේ කුමට ද? බොහෝ සිහින මැවීම හා බොහෝ වචන දෙඩීම නිරර්ථක ය. එබැවින් දෙවියන්වහන්සේට භය පක්ෂ ව සිටින්න.
ධර්මදේශකයා 5:4-7 Sinhala Revised Old Version (SROV)
නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත. නුඹ වුණ බාරය ගෙවන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය. නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද? මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන්න.
ධර්මදේශකයා 5:4-7 Sinhala New Revised Version (NRSV)
ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත. ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය. ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද? හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.
ධර්මදේශකයා 5:4-7 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත. ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය. ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද? හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.
ධර්මදේශකයා 5:4-7 New International Version (NIV)
When you make a vow to God, do not delay to fulfill it. He has no pleasure in fools; fulfill your vow. It is better not to make a vow than to make one and not fulfill it. Do not let your mouth lead you into sin. And do not protest to the temple messenger, “My vow was a mistake.” Why should God be angry at what you say and destroy the work of your hands? Much dreaming and many words are meaningless. Therefore fear God.