ධර්මදේශකයා 10:8-15

ධර්මදේශකයා 10:8-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

වළක් හාරන්නා ඒ තුළට ම වැටේ; තාප්පයක් බිඳගෙන ඇතුල් වන්නාට සර්පයෙක් දෂ්ට කරයි. ගල් වළක වැඩකරන්නාට එයින් තුවාල වෙයි; දැව කඳන් පලන්නා එයින් අනතුරට පත් වෙයි. පොරොවක් මොට ව, එහි මුවහත තියුණු නො වූ කල, වැඩි ශක්තියක් යෙදවිය යුතු වේ, එහෙත් ප්‍රඥාව සාර්ථකත්වය ගෙන ඒ. දැපනෙ දාගන්නට කලින් සර්පයා දෂ්ට කළහොත්, දැපනෙකරුට අත්වන වාසියක් නැත. ප්‍රඥාවන්තයකුගේ මුවින් එන වචන කාරුණික ය, එහෙත් තමාගේ ම තොල්වලින් අඥානයා වනසා ගනී. පටන් ගැන්මේදී ඔහුගේ වදන් අඥාන ය; අවසානයේදී ඒවා දුෂ්ට උමතුවකි; අඥානයාගේ වචන වැල නො කැඩී දෙඩවේ. කුමක් සිදු වන්නේ දැයි කිසිවකු නො දනී; ඔහුගෙන් පසු සිදු වන්නේ මොනවාදැයි ඔහුට කියන්නට කාට පුළුවන් ද? අඥානයාගේ කාරිය ඔහුට ම වෙහෙසකි; නගරයට යන මාර්ගය ද ඔහු දන්නේ නැත.

ධර්මදේශකයා 10:8-15 Sinhala Revised Old Version (SROV)

වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි. ගල් කපන්නාට එයින් තුවාලවෙයි; ලී පළන්නාට එයින් අන්තරාය සිදුවෙයි. යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි. මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත. ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි. ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥානකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාදායක මෝඩකමය. අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද? අඥානයන්ගේ වැඩ හැමදෙනාටම වෙහෙසක් වන්නේය, මක්නිසාද ඔහු නුවරට යන්ටවත් දන්නේ නැත.

ධර්මදේශකයා 10:8-15 Sinhala New Revised Version (NRSV)

වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි. ගල් වළක වැඩ කරන්නාට එයින් තුවාළ වෙයි; දර පළන්නාට එයින් අන්තරාය සිදු වෙයි. පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි. මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත. ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි. ඔහු කතාව අරඹන්නේ අනුවණකමිනි. ඔහු එය අවසන් කරන්නේ උමතු වූවකු ලෙසිනි. අඥානයා දිගින් දිගට කතා කරයි; මතු සිදු වන දේ නොදනියි; ඔහුගේ ඇවෑමෙන් කුමක් සිදු වනු ඇද්දැ යි කාට කිව හැකි ද? අඥානයා සිය වැඩ කටයුතුවලින් අධික වෙහෙසට පත්වනු ඇත; ඔහු ගෙදරට යන පාර වත් දන්නේ නැත.

ධර්මදේශකයා 10:8-15 Sinhala New Revised Version 2018 (SNRV)