ධර්මදේශකයා 1:9-10
ධර්මදේශකයා 1:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත. “මෙන්න! මේක අලුත් දෙයක්” ය කියා කීමට හැකි කිසිවක් තියේ ද? බොහෝ ඉහතදී එය මෙහි තිබිණ; අපේ කාලයට ඉස්සර එය මෙහි තිබී ඇත.
ධර්මදේශකයා 1:9-10 Sinhala Revised Old Version (SROV)
මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත. මෙන්න, මේක අමුතුයයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ පුරාණ කාලවල තිබුණේය.
ධර්මදේශකයා 1:9-10 Sinhala New Revised Version (NRSV)
මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. “මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි.
ධර්මදේශකයා 1:9-10 Sinhala New Revised Version 2018 (SNRV)
මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. “මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි.
ධර්මදේශකයා 1:9-10 New International Version (NIV)
What has been will be again, what has been done will be done again; there is nothing new under the sun. Is there anything of which one can say, “Look! This is something new”? It was here already, long ago; it was here before our time.