ද්වීතීය කථාව 28:36 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ද්වීතීය කථාව 28:36 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.

ද්වීතීය කථාව 28:36 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නො දැන සිටි අන් ජාතියක් වෙතට ස්වාමින්වහන්සේ ඔබත්, ඔබ පත් කර ගන්නා ඔබේ රජුත් පලවා හරින සේක. එහිදී ඔබ, ලීයෙන් සහ ගලින් තැනූ දෙවිවරුන් නමදිනු ඇත.

ද්වීතීය කථාව 28:36 NRSV (Sinhala New Revised Version)

“සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.

ද්වීතීය කථාව 28:36 SNRV (Sinhala New Revised Version 2018)

“සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.

ද්වීතීය කථාව 28:36 NIV (New International Version)

The LORD will drive you and the king you set over you to a nation unknown to you or your ancestors. There you will worship other gods, gods of wood and stone.